Friday, July 13, 2018

නුඹ මම අපි...

Image result for painter
මම කොලයක්
හිස්ම හිස් සුදු පාට
තීන්ත පුසුඹට ඉව කරන
බකිරිත්තන් වෙන්න
මග බලන

නුඹ පන්හිදක්
පින්සලක් පැන්සලක්
පාට කූරු පෙට්ටියක්
ඉද හිටක කවි ඔතන
නිතරෝම බලි අදින
.........






කස්තුර්බා... -ඉන්දීය නිදහස් අරගලයේ නිහඬ සෙවණැල්ල

Inline image 2
කස්තුර්බා එහෙමත් නැත්තම් "බා" , අවිහිංසාවාදයේ පියා ලෙසින් විරුදාවලියලත් මහත්මා ගාන්ධි තුමාගේ නිදහස් අරගලයේ නිහඬ යෝධ සෙවණැල්ලයි.ඈ පුරා දශක හයකටත් වැඩි කාලයක් ඉන්දීය  නිදහස් සටනට සක්‍රීයව උර දුන් ඉතිහාසයේ නිහඬ වීරවරියක්.

1969 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  පොර්බන්දාර් හීදි උපත ලබන කස්තුර්බා පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින පවුලේ එකම දියණියයි.ගාන්ධි පවුල ඉතා ළඟින් ඇසුරුකරන ඇගේ දෙමාපියෝ අවුරුදු හතක් තරම් කුඩා වයසකදීම ඇගේ විවාහ ගිවිස ගැනීම සිදු කරනු ලබනවා.ඉන්පසුව 1982 දී  ගාන්ධි සමඟ විවාහ වෙන කස්තුර්බාට ඒ වන විට යන්තම් අවුරුදු 13 සපිරුණා පමණයි. එතැන් පටන් දශක හයකටත් වැඩි කාලයක් පුරාවට නිහඬවම ඔහුගේ නිදහස් අරගලයට ඈ යෝධ සෙවණැල්ලක් වෙනවා.    

13 වන විය වන විටත් අකුරක්වත් ලියන්නට හෝ කියවන්න ඉගෙනගෙන නොසිටි පුංචි කස්තුර්බා කියවීමට සහ ලිවීමට තම සැමියාගෙන් ඉගෙන ගන්නවා.. විවාහයේ යථා ස්වරූපය මෙසේ යැයි කීමට නොදන්නා කුඩා වයසේදී විවාහ වන මේ යුවළ ඔවුනගේ විවාහ ජීවිතයේ මුල් අවදියේදී සමීප මිතුරන් ලෙසින් කෙළිදලෙන් ගතකරනවා.ඒත් පසුව තම විවාහ දිවියේ සියළු යුතුකම් හා වගකීම තම කරපිටට පටවා ගන්නා බා ඒ කිසිවක් අතපසු නොකර නොපිරිහෙලා ඉටුකරනු ලබනවා.ඇගේ සැමියා වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය සඳහා පිටත්ව යනවිටදී තම කුළුඳුල් දරු උපත හේතුවෙන් ඇයට තනිවම ඉන්දියාවේ නතර වෙන්න සිදුවෙනවා.පුරා අවුරුදු හතරකටත් වැඩි කාලයක් සැමියා නොමැතිව  තනිවම පවුලේ කටයුතු ඉටු කරන ඈ පසුකාලීනව පවා නිවසේ යුතුකම් වගකීම් බොහෝ අවස්ථාවලදී තනිවම දරන්නේ තම සැමියාගේ කටයුතු වලට උපරිම නිදහස හා සහයෝගය ලබා දෙමින්.ඉන්දීය නිදහස් අරගලය හේතුවෙන් බොහෝ විට නිවසෙන් පිට ඇතැම් විට රටින් පවා පිටත සිටීම හේතුවෙන්  ගාන්ධි තුමන්  අතින් මඟහැරෙන දරුවන්ගේ හා නිවසේ කටයුතු සියල්ලක්ම පාහේ ඉටුකලේ කස්තුර්බායි. 

පසුකාලීනව බ්‍රහ්මචාරී දිවිපෙවතක් ගත කිරීමට මහත්මා ගන්ධි තුමන් ගත් තීරණය පවා ඈ උපේක්ශා සහගතව ඉඩදෙනු ලබනවා.එසේම තම පුතුන්ට පමණක් නොව රටේ සියළු දරුවන්ට ඈ කාරුණික මවක් සහ මිත්තනියක් වනවා.ගැහැණියක් ලෙස , බිරිඳක් ලෙස වගකීම රාශියක් ඇගේ හිස මත පැටවී තියෙද්දී පවා ඈ භාරත මාතාවගෙ දියණියක් ලෙස තම සැමියාගේ නිදහස් අරගලයට ක්‍රියාකාරීව දායක වනවා.1904-1914 දක්වා කාලය තුල ගන්ධි තුමන් විසින් දකුණු අප්‍රිකාවේ ඩර්බන්හී  රැගෙන ගිය  ෆීනික්ස් සමථකරන අරගලය සඳහා සක්‍රීයව දායක වන බා 1913 දී දකුණු අප්‍රිකාවේ සේවය කරන ඉන්දීයානුවන් පෙළන  අමානුශික සේවා කොන්දේසි වලට එරෙහිව හඬ නැගීම හේතුවෙන් බරපතල වැඩ ඇතුව සිර දඬුවම් විඳිනවා.ඇගේ සිවිල් ක්‍රියාකාරි කටයුතු හේතුවෙන් කිහිපවරක්ම සිර දඬුවම් විඳින බා කාන්තාවන්ගේ ජීවන තත්වය හා සාක්ශරතාවය නගා සිටුවීමට බොහෝ කැපවී කටයුතු කරනවා.ගාන්ධි තුමන්ගේ බොහෝමයක් අවිංසාවාදී විප්ලවයන්ට කිසිඳු මැසිවිල්ලකින් තොරව සහයෝගය දෙනඈ ගාන්ධි තුමන් සිරගතු වූ අවස්ථාවලදී ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුගේ විප්ලවීය අනුගාමිකයන්ට  මාර්ගෝපදේශනය  සපයනවා.. 


පුරා දශක හයක් පුරාවටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  තම සැමියාට පාදපරිචාරිකාවක් වූ ඇගේ සේවය බොහෝ කාලයක් යන තුරුම ඇගේ සැමියාගේ ජනප්‍රියත්වයේ සෙවණල්ලෙන් වැසී ගියාදෝයි අපට සිතුනත් නොසැලෙණ කුළුනක් ලෙසින් ඈ ගාන්ධි තුමන්ට ලබා දුන් සහයෝගය කිසි විටෙකත් සුළු කොට තකන්න නොහැකියි.යලි කිසිවක් බලාපොරොත්තු නොවීම තම යුතුකම පමනක් සිය පවුලට , රටට  නොපිරිහෙලා ඉටු කල ඈ සමස්ථ ස්ත්‍රී සංහතියටම ගුරු කොට ගත හැකි යකඩ ගැහැණියක්.ඇගේ කුඩා ශරීරය  මෙන් දහස් ගුණයකින්  විශාල  ඇගේ යෝධ  හිත දහස් ගණනක්  ඉන්දියානුවන්ගේ  කඳුළුවල බර  කුළුණු හදින් දරාගෙන ඔවුන්ට ජීවිත එළිය කරන්න දිවා රෑ නොතකා පේ වුණා.සමහරවිට දශක ගණනාවක් පුරාවට  හිතට උහුලගන්න පුළුවන් වෙච්චි බර පපුවට දරා ගන්න බැරි උනු හිදම වෙන්න ඇති 1944 පෙබරවාරි 22 වෙනිදා ඈ හෘදයාබාධයක් හේතුවෙන් මේ ලොකෙන් නික්මිලා යනවා.ඈ එසේ දෑස් පියාගෙන සදාකාලික නින්දකට වැටුනත් ඇගේ අමරණීය මතකය  පරම්පරා ගණනාවක් පුරාවට  ලොව පුරා අරගල කරන දිරිය ගැහැණුන්ට මිනිස්සුනට ධෛර්ය පොම්ප කරාවි.