දිගන්තේම නිදි බරයි
වළාකුළු නෙතු හඬයි
ගණදුරත් හිස්කමත්
එකා පරයා නැගෙයි
දකින්නට සිහින නැත
යන්ට අරමුණක් නැත
සසල හිත පමණක්ම
ඉකි ගසයි ඉඳ හිටක
පත් ඉරු පිරෙන්නට
උන්නු සංකල්පනා
පාළු වූ හිත් පතුලේ
අන්තෙටම සිඳී ඇත
තනිකම ඉඳ හිටක
සිත් කවුළුවෙන් එබී
සුසුම් වැල් හා එක්ව
ගී ගයයි ගණදුරට
පියස්ස හැඩ කරන
දැකුළුමල් රටා තුළ
ගිලී නිදනා දෙනෙත්
අවදිවන ලකුණු නැත
නො එන සංකල්පනා
එනතුරු මඟ බලන්
පත් ඉරුව පමණක්ම
නෙතු අයන් ඇත තාම....
වැල් වටාරං කියා
ReplyDeleteමොනවාද කියන්නේ මේ
හිතන්න දෙයක් ඇත..
නොහිතෙන දෙයකුත් ඇත.
මේ ඔබද මේ මමද
මොක උනත් ඔබට ජය
වැල් වටාරම් දෙඩුවේ
Deleteමං නොවේ මගේ හිත
ඔහේ වල් මත් වෙලා
දුර ඈත අනන්තෙක
දෙගිඩියාවෙන් වෙලී
පැබඳූ පද එකින් එක
නුඹට වාගෙම මටත්
වැටහෙන්නේ නෑ සබඳ
කුමක් වූවත් කිම්ද
නුඹම මට කියූ ලෙස
පතන්නෙමි ඉත සිතින්
නුඹ හටද ජයෙන් ජය
ගොඩක් හිතන්න ඒවා ඉතුරු වෙනවා මේ පොස්ට් කියෝනකොට .
ReplyDeleteහිතලා බලලා මටත් කියන්නකෝ මල්ලියෝ හිතුනේ මොනාද කියලා...
Deleteමමත් හිතලා බලලා කියන්නම් ඈ ;) පස්ට පස්ට :D
Delete