Friday, September 13, 2013

පිස්සුද මන්දා ලාවට..

 මං දුන්නු ආදරේට
කණ් දෙකත් පලාගෙන
ඇස් දොට්ට පැනලා
හන්දිපත් පණ නැතුව
අංශ භාගේ වගේලු
අනේ මගේ කොල්ලට
අන්න දැන් හොදටම පිස්සුලු
සිහියක් කටක් නැලු
බලපු හැම මුල්ලේම
පේන්නෙම මාවලු
ලෙංගතු වැඩි කමට
අනුපානෙට දිය කරලා
මං පොවපු ආදරේ
සැර  වැඩි උනාද මන්දා
බයත් හිතෙනවා දැං 
කැරකිල්ල වගේ මටත්
පිස්සුද මන්දා ලාවට..




6 comments:

  1. ආදරේ ඕව(ර්) ඩෝස් ගිහින් වගේ බලාගෙන ඕකව මැරෙයි
    මොනා උනත් නියමෙට ලියල ලස්සනයි ස්තුතියි .

    ReplyDelete
  2. ආදරේ තනිකරම සන්නිපාතයක් වෙලානෙ. මං නම් අහල තියෙන්නේ ආදරේ 50 ක් තිබ්බම ඇති කියලයි.

    ReplyDelete
  3. හන්දිපත් පණ නැති උනා කියන්නේ වෙනම කේස් එකක් වෙන්න ඇති ;)

    ReplyDelete
  4. ලාවට නෙවි..... හොඳටම ;)

    ReplyDelete
  5. ලාවට නම් මොකෑ ඉතිං

    ReplyDelete