Thursday, September 5, 2013

සලබ කුලේ මං


ගිනි පෙළෙල්ලක් ඇවිත්
බැට දුන්නු දා හිතට 
මං උන්නෙ බිය වෙන්න
පොඩි කණා මැදිරින්ට
අනේ හරි පුදුමයක්
බය නැලු මගෙ හිතට
මෙන්න කියනවා යළිත්
ඕනෑලු ළං වෙන්න 
තවත් ගිණි පෙල්ලකට
ගිණි පුපුරු ඉහිරවන
ගිණි පෙල්ළ ළං කරන්
කිටි කිටියෙ ගුලි වෙලා
ඕනැලු විඳගන්න
ඇට මිදුලු දිය කරන
ගිණි සිසිලෙ අමා සුව
එකත් එකටම මමත්
සලබ කුලේ වෙන්න ඇති 
ඒ නිසයි දඟලන්නේ 
දැවෙන බව දැන දැනත්
ළං වෙන්න ගින්දරට

11 comments:

  1. හ්ම් ...... නරකම නෑ සළබ කුලේ නොවුනත් මනුස්සය කියන්න ඔය ගති තියන සතාටම තමා මම හිතන්නෙ යාළු

    ReplyDelete
    Replies
    1. ඒක හරි..... සලබයෝත් එක්ක මොකක් හරි නෑ කමකුත් ඇති මයෙ හිතේ....

      Delete
  2. යම් එක ඉන්ද්‍රියක් පිනවන්න මුළු ජීවිතේම විනාස කර ගන්නව වගේ කතාවක නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකක් තමයි..අපි දැනම දැනම එහෙම කරන අවස්තාවන් කොච්චරනම් තියනවද... මිනිස්සු අතින් වැරදි අතපසුවින් ගොඩක් වෙන්නෙ නොදැනම නෙවෙයි දැන දැනම

      Delete
  3. ගින්දර කියලා දන්නවනම් ලං වෙන්න එපා

    ReplyDelete
  4. ගින්දර එළියට ගිණිකන වැටිලද කොහෙද.. ළන් වෙන්නමයි හිත

    ReplyDelete
  5. හැඟීම්.. මගේ නම් තියරිය තියෙන්නේ ඒක කොහේටහරි ගලාගෙන යන්න ඕනි. හිරවෙන්න දෙන්න හොඳ නෑ. අපි කල්චර් එකක් අස්සේ හිරවෙලා ඔක්කොම හිරකරගෙන පිස්සෝ වෙනවා. ඕක තමා යථාර්තය. අන්තිමට කොහෙන් හරි කවුරුහරි විඳවනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම් ... ඔව් ඒවා කොහාටහරි ගලාගෙන යාවි.. හැබැයි එවා ගලාගෙන යන හින්දම ඉවක් බවක් නැතුව ඔහෙ ගලන් යන්න අතැරියම කාටහරි රිදෙන්න විදවන්න සිද්ධ වෙනවා වෙන්න බැරිද?

      Delete
  6. මං මේක දැක්කෙ නෑනෙ අචිනි :O මගෙ රිඩරේ අප්ඩේට් උනේ නෑ මේක..

    ReplyDelete
  7. රීඩරේ මාත් එක්ක වලිද කොහෙද? මට වෙනසකම් කොරන්නෙ

    ReplyDelete
  8. ගින්දරට ලං වෙන්න
    තව තවත් පිච්චෙන්න
    ගිනිකනට ලං වෙන්න
    අඩ ගහයි ගිනි පුපුරු
    වෙලාගෙන ගිනිදැලෙන්
    තටු දවා බිම හොවන්
    උන් දුවයි ගිනි නිවන්
    අනේ පව් සලබයන්
    තටු දැවුණු සලබයන්
    දකියි තව ගිනි ගොඩක්
    යලි යලිත් දැවී දැවෙන්
    උන්ට නැහැ ගැලවුමක්


    ReplyDelete