Wednesday, March 5, 2014
ඉතිං අපි අපේ වෙලා අවුරුදු බාගයයි ...
බ්ලොග් පොස්ටුවක් කොමෙන්ටුවක් නිසා අදුනගත්තු නුඹ සහ මම එකම එක බ්ලොග් පොස්ටුවක් නිසා අපේම වෙලා අදට මාස හයයි..ඒ කියන්නේ හරියටම අවුරුදු බාගයක්..මෙ අවුරුදු බාගයට මම නුඹට නුඹ මට සියවස් බාගයක් තරම් ලගින් උන්නු තරමටම සමීප උනා කිවොත් එය මුසාවක් නෙවෙයි.. අපි අපිත් එක්ක , අපේ හිත් එක්ක නොසැහෙන්න පොර අල්ලලා අපේම වෙන්න තීරණය කළා..අපි හිනා උනා ,ඇඩුවා, රන්ඩු උනා. තරහා උනා ..එත් ඒ හැමදෙයින්ම නුඹ මාව නුඹටම අලවගතතා..
ඔව්... මං අනන්තවත් කියලා ඇති මට බැ දැන් ඇති මං යනවා කියලා.. එත් ඒ කේන්තිය නිවෙනකන් විතරයි..ඒ වගේම හොදටම කේන්තියෙන් උන්නු වෙලාවක උනත් මං එහෙම කිවුවට හිත යටින් බලාන ඉන්නේ නුඹ මට යන්න නොදී අතින් අල්ලගන්නකන්..දැන් නම් යන්න කියුවත් නොයන තරමටම නුඹේ හිතටම මුල් ඇදලා අහවරයි.. දැන් ඉතින් සින්නක්කරේටම අපි අපෙයි.. මුල්ම දවස් වල නුඹ මට නොකියපු ආදරේටත්, පස්සේ පිස්සුවෙන් වගේ උදේ හවස දොඩවාපු ආදරේටත් දැන් හිත අස්සේ වහුන් කරගෙන ගණන් උස්සන ආදරේටත් , මං එක වාගේම පිස්සුවෙන්ම එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දාත් මතු මතුත් සර්වකාලිනව සදාකාලිකවම ඇබින්දක් තරම්වත් වෙනසක් නොකර ආදරෙයි ආදරෙයි ආදරෙයි..ඉතින් ඒ මගේ ආදරේ හිලවුවට මගේ අදෝනාවත් ,කචපචයත් , කුණු කුණුවත් , කන් කෙන්දිරියත් හිනාවත් කදුලත් , ජීවිත කාලයක් පුරාවට එකතු කරාපු හීන බලාපොරොත්තු සේරමත් නුඹට හිමියි.. ඉදින් මගේ ජීවිතයත් , ජීවිතයට පණ දෙන හුස්ම පොදත් , වර්තමානයත් , අනාගතයත් ,කදුලත් , සුසුමත් ,හිනාවත් සියල්ල නුඹට බාරයි.. මා කරනුයේ මගෙ තුන් ලෝකයම නුඹව කේන්ද්‍ර කරගෙන භ්‍රමණය වීමට සැලස්වීම පමණයි..
Subscribe to:
Post Comments (Atom)
බෝම අගෙයි..
ReplyDeleteහදවතින්ම සුභ පැතුම්!!
ReplyDeleteහදවතින්ම සුබ පැතුම් නංගෝ උඹල දෙන්නටම........
ReplyDeleteසුභ පැතුම් ඕන් දෙන්නාටම
ReplyDeleteඒ කියන්නේ මගේ වගේම තව ආදර කතාවක් තියෙනවා කියන එක.. අපිටනම් අවුරුද්දයි බාගයයි..
ReplyDeleteසුභ පැතුම් නංගෝ හදවතින්ම..
අවුරුදු බාගේට සුබ පැතුම් කෙල්ලේ :) ජිවිත කාලයම එකට ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteඅඩේ මේ දුසිම් බාගෙට ජයවේවා! තව දුසිම් 25ක් විතර සැරයටියෙන්න යනෙන තුරා ඉන්ට ලැබේවා!
ReplyDeleteවා........ව්. අපෙනුත් සු භ පැතුම් & ජයවේවා..........!
ReplyDeletepatta....
ReplyDelete