ප්‍රෝඩාකාර හඳ
එබෙනවා ජනේලෙන් විටින් විට
කෑලි බාග රවුම් වලට
දවසින් දවස පැන පැන
දාන අලවට්ටම් තොගයට
කුරුවල් වෙනවා ඉහ මොළ
කී දාහක් රැවට්ලාද
සරුව පිත්තල මුනට
ආවාට වහගෙන
දිස්නේ තට්ටුව අලෝ ගත්තට
මතක නෑ කියලා හිතුවද
උඹ විපරීත හඳ වග ....
ලාබෙට කුලියට ගත්තු
ඉර එළියෙන් දිලිහුනාට
උඹ ගාව හීතලයි හරියට
හර්ද සාක්ෂියත් මිදෙන තරමටම....
බොහොම දුරුණු වෙලානේ අදහස්....
ReplyDeleteමොකද අචෝ සින්කෝන් එක... මේ ටිකේම උඹේ නිරිමාණවල මං දැක්කේ එකම දෙයයි විරහව හා ඒ අරබයා පිළිකුළ හා වෛරය.
මටත් හිතුනා....
Delete//උඹ ගාව හීතලයි හරියට
හර්ද සාක්ෂියත් මිදෙන තරමටම//
හඳ හෙන එපා කරපු එකෙක් විදියට බලලා තියෙන්නේ.
හැබැයි අදහස අලුත් ! හඳ වුනත් දුස්ට වෙන අවස්ථා තියෙන්න පුළුවන්
මන් දන්නා විදිහට මන් ලියුවේ නැත්තේම විරහව ගැන.... නෑ අයියා ..විරහ කන්නාඩිය ගලෝලා වෙන කන්නාඩියකටත් දාලා බලන්න..උබට අහු වෙයි විරහවම නෙවෙයි කියලා...
ReplyDelete// ලාබෙට කුලියට ගත්තු
ReplyDeleteඉර එළියෙන් දිලිහුනාට
උඹ ගාව හීතලයි හරියට
හර්ද සාක්ෂියත් මිදෙන තරමටම....//
මෙන්න මේ ටික නම් පට්ට ගති..
පට්ට
ReplyDeleteහදගැන මං කියවපු වෙනස්ම අදහසක්...
සමහර අය ලියන්නෙම මල හද ගැන.. ඒත් හැමදාමඑක වගෙයි...
මේ ලිවිල්ල මට නං රහයි...
ජයවේවා....
අදමනෙ ආවෙ...
එන්නංකො ආයෙත් දාගත්ත ඔන්න රෝලටත්
ස්තුතියි කිවුවා හැමෝටම... ජය..
ReplyDelete