Sunday, August 10, 2014

ප්‍රෝඩාකාර හඳ



ප්‍රෝඩාකාර හඳ
එබෙනවා ජනේලෙන් විටින් විට
කෑලි බාග රවුම් වලට 
දවසින් දවස පැන පැන
දාන අලවට්ටම් තොගයට 
කුරුවල් වෙනවා ඉහ මොළ 
කී දාහක් රැවට්ලාද
සරුව පිත්තල මුනට
ආවාට වහගෙන
දිස්නේ තට්ටුව අලෝ ගත්තට
මතක නෑ කියලා හිතුවද
උඹ විපරීත හඳ වග ....
ලාබෙට කුලියට ගත්තු
ඉර එළියෙන් දිලිහුනාට
උඹ ගාව හීතලයි හරියට 
හර්ද සාක්ෂියත් මිදෙන තරමටම....

6 comments:

  1. බොහොම දුරුණු වෙලානේ අදහස්....

    මොකද අචෝ සින්කෝන් එක... මේ ටිකේම උඹේ නිරිමාණවල මං දැක්කේ එකම දෙයයි විරහව හා ඒ අරබයා පිළිකුළ හා වෛරය.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා....
      //උඹ ගාව හීතලයි හරියට
      හර්ද සාක්ෂියත් මිදෙන තරමටම//
      හඳ හෙන එපා කරපු එකෙක් විදියට බලලා තියෙන්නේ.
      හැබැයි අදහස අලුත් ! හඳ වුනත් දුස්ට වෙන අවස්ථා තියෙන්න පුළුවන්

      Delete
  2. මන් දන්නා විදිහට මන් ලියුවේ නැත්තේම විරහව ගැන.... නෑ අයියා ..විරහ කන්නාඩිය ගලෝලා වෙන කන්නාඩියකටත් දාලා බලන්න..උබට අහු වෙයි විරහවම නෙවෙයි කියලා...

    ReplyDelete
  3. // ලාබෙට කුලියට ගත්තු
    ඉර එළියෙන් දිලිහුනාට
    උඹ ගාව හීතලයි හරියට
    හර්ද සාක්ෂියත් මිදෙන තරමටම....//

    මෙන්න මේ ටික නම් පට්ට ගති..

    ReplyDelete
  4. පට්ට
    හදගැන මං කියවපු වෙනස්ම අදහසක්...
    සමහර අය ලියන්නෙම මල හද ගැන.. ඒත් හැමදාමඑක වගෙයි...
    මේ ලිවිල්ල මට නං රහයි...
    ජයවේවා....

    අදමනෙ ආවෙ...
    එන්නංකො ආයෙත් දාගත්ත ඔන්න රෝලටත්

    ReplyDelete
  5. ස්තුතියි කිවුවා හැමෝටම... ජය..

    ReplyDelete