Saturday, August 16, 2014

ප්‍රශ්න...

ප්‍රශ්නයක් දෙකක්
අනිච්ඡානුගවම 
ඉගිලුණාට ඉද හිට
ඔලූ කට්ටටම වැදුනද
සෑහෙන්න රිදුනද
හිතේ සාමේ හෙල්ලුණාද
ලාවට....
හිතුවේම ඔලූ කට්ට
හිල් වෙන්න දග දාලා
දමා අතෑරියා කියලද
හිතලම
ඒත් එහෙම නෑ 
දන්නවද.........
ඉද හිටවත් විසි නොවෙන්න
පොට්ටනි ගහලා හංගාපු
ඇට්ටර ප්‍රශ්න අහිනෙන්
එහෙන් මෙහෙන් එක දෙක
මිරිකිලා විසි උනාට
ඔය හැටියටම මොකටද වාරණ...
ලොකුකම් ඇට්ටරකම්
හූරලා විසි කරලා
ගනකම වලදාලා
නිදහසේ ඉගිලෙන්න
ආයෙමත් එනවාද මා එක්ක...
කොන්දේසි විරහිතයි දන්නවද....

5 comments:

  1. A person essentially assist to make critically articles I might state.
    That is the very first time I frequented your web page and thus
    far? I surprised with the analysis you made to create this particular put up extraordinary.
    Fantastic process!

    Also visit my web-site; bathroom renovation ideas ()

    ReplyDelete
  2. කොන්දේසි විරහිත එක තමයි ලොකුම ප්‍රශ්ණේ...

    ReplyDelete
  3. මං ඕ වගේ ළගදි කවියක් ලීව...
    තාම පබිලිස් කොරල නෑ ඒහන්ද මෙතන දාන්න බැ...
    ඒත් කියන්න ඕන..
    කවිය නං පට්ටම පට්ටයි...

    ReplyDelete
  4. හිකිස්... ඒකත් මරු.. ලස්සනයි අදහස..

    ReplyDelete
  5. My brother recommended I might like this blog. He was entirely right.
    This post truly made my day. You can not imagine just how
    much time I had spent for this info! Thanks!

    Here is my website - Funny Cat Vine

    ReplyDelete