කවුරුන් කොහොම කොයි හැන්දෙන් කොයි ලෙසක බෙදුවත් අම්මලා අම්මලාම බවත් , අප්පචිච්ලා අප්පචිච්ලාම බවත් පසක් වීමට නම් අපිටත් ඉදහිට කොහෙන්ම හෝ කවුරුහරි පාත් වී කන් හැන්දකින් බෙදිය යුතුමය.අපිට කෙසේ වෙතත් මට එසේ වූ බව පිළිගැනීමට මම ලැජ්ජා නොවෙමි.එසේ සිදු වූ බව සැගවීමට තරම් අධමයෙකුද නොවෙමි.අපි අතර ඉතා හොඳ සබදකමක් නොතිබුණු බව සැබෑය.අප්පච්චිට මම ආදරය කල තරමටම මම අම්මා සමඟ අංචි අල්ලන්නට ඇත.මට වඩා මල්ලීට ආදරේ බව කියමින් නෝක්කාඩු කියන්නට ඇත.නමුදු දරුවෙකුගේ කඳුලු කැට දෙකක් අබියසදී ලේ බැම්මේ සවිමත්කම කොතෙක්ද යන්න මම අද පසක් කොට ගතිමි.කාට නැතත් නුබට මා කෙතරම් අගනේද යන්න අද මාගේ රුහිරු සිසාරා ගොස් ඇට මිඳුලු වලට පවා දැනුනු බව පැවසුවොත් එය මුසාවක් නම් නොවනු ඇත.මා නුඹටද නොසෑහෙන තරමට ආදරය කලෙමි.නමුදු කවදත් ඒ ආදර ගොඩෙන් කලඳක් දෙකක් අප්පච්චිගේ ගිනුමට බැර වීම මට කොයි ලෙසකින්වත් වලක්වාලීමට නොහැකි විය.ඉදින් බිඳෙන් බිඳ එකතු වූ ආදරය ඔහුගේ ගිණුම් ශේෂය ඉහල දැමීමට මටද නොදැනීම විත්තිකරු වනුයේ අනෙකෙකු නොව මමමය.නමුදු අද ගත වූ පස් විසි වසර පුරාවටම සිදු නොවූ ලෙසින් එක ඇල්පෙනිති තුඩක තරම්වත් වෙනසක් නොවී ගිණුම් ශේෂයන් සමාන වී ඇත.
අහුවුනු හැම මුල්ලකම පාහේ ප්‍රේමයට අරුත් සොයමින් අන්ධකාරයේ අතපතගාමින් උන් මා, දෑස් මත එතී බෑඳී මිදී උන් තිමිර පටලය පසාරු කරගෙන මගේ දෑසින්ම අද ප්‍රේමය දුටුවෙමි.වින්දෙමි.රස බැලුවෙමි.හිත දස දහස් වාරයක් හඩා වැටෙන අහු අස්සේද මට සිනාසිය හැක්කේ ඒ නිසාය.සැම කළු වලාවකම රිදී රේඛාවක් සැඟවී ඇතැයි කියූ නමුදු මෙවර මා සොයා ගත් රේඛාවේ රිදී බර රත්‍රන් වලටත් වඩා බොහෝ ඉහළය.අමිලය.ඉදින් මම හිනැහෙමි.රූරා ඇදහැලෙන කප්පරක් කඳුළු වැල් අතුරින් මම හඬ නගා සිනාසෙමි.මන්ද මගේ සිනහව මකා දැමීමේ අයිතිය මා සන්තකයෙන් අහිමිව ගොස් ඇති බැවිනි. මා හිනැහිය යුත්තේ නුඹ නමින් නිසාවෙනි.
ලෝකයා මට අනේකවිධ චෝදනා දමාගසනු ඇත.නෝක්කාඩු අහුරු පිටින් විසි කරනු ඇත.අතැමුන්ට මා බොරුකාරියක රැවටිලිකාරියක සේ පෙනෙනු ඇත.නඩු නොඅසාම මා චූදිතයෙකු කරනු ඇත.ඔච්චමට සිනාසෙනු ඇත..මගේ සිතැඟි වලින් බිඳක් හෝ හඳුනා නොගනු ඇත.ඔවුනට සත්‍ය තෙරුම් කරවීමේ මිරිඟුව පසු පස්සේ හැල්මේ දිව ගොස් මගේ සන්තානයම හති වැටී ඇත..මම සෙවණක් සෙවීමි.අතරමං වූ හිතට නිවි හැනහිල්ලේ ගිමන් නිවීමට සෙවණක් අවැසිව තිබිනි.අවසානයේදී මා එය සොයා ගතිමි.මා ලෝකයම පෙරලාගෙන එය සොයා ඇවිදිද්දී එය මාගේ සෙවණැල්ලට මුවාවී මඟ බලා හිද ඇත.ඒ පියස යට මගේ කර දඬු කෙතරම් උස් මහත් වූවද මා තවමත් සුරංගනාවියක් බව පසක් කොට ගතිමි.ඉදින් ඒ සුරංගනා ලෝකයත් එයින් උපන් දිව්‍යමය සිහිනත් මා පණ සේ රකිමි.ඒ සිහින අතරින් ජීවිතේ සොයා යමි.එය කෙදිනක හෝ මුණගැසෙනු ඇත..එය එසේ වීම නියතයක් බැව් මා තරයේම විශ්වාස කරමි..දැන් මා අදහන්නේ එය පමණකි
දයාබර සොයුරිය ඔබ ලියූ සටහන් අතර උපරිම සටහන මෙයයි. අම්මා කෙනෙකුට පුතෙකුක් තාත්තා කෙනකුට දුවකුත් යනු තම ජීවන හුස්මයි. මේ ඔබේ කතාවෙන් කියන්නෙත් එයයි. මෙය මෙයිටත් වඩා හොදින් වැටහේවි ඒ පදවියක් දරණ දවසක.හදවතින්ම සතුටුයි මේ සටහන ගැන.
ReplyDeleteබොහොමත්ම ඉස්තුත්යි අයියේ කොමෙන්ටුවට...
Deleteමූණපොතෙං යන්තමට දැක්කට අදයි හරියට මේ පැත්තේ ගොඩ වැදුණේ!!
ReplyDeleteආපු ගමං ම දකින්න ලැබුණු මේ ලිපිය හැමදාම මාව මේපැත්තට ගෙන්නාවි. අම්මා තාත්තා කියන මහා පරමාදර්ශී චරිත දෙක හරියට හඳුනාගන්න ගොඩක් දෙනා දන්නේ නෑ!! සමහරුන්ට උවමනාවක් නෑ!! සමහරු හිතාමතා මගහරිනවා!!
එහෙමත් එකේ, මෙහෙම දෙයක් ලියලා ඒ වැසුණු ඇස් අරින්න ඉදිරිපත් වුණු එකට ගොඩක් පිං!!
අම්මල තාත්තල දරුවන්ට ආදරේයි..ඒත් ඒක ගානකට පෙන්වන්න ඕනි..සමාර දෙමාපියො ලමයි ඉල්ලන හැමදේම අරං දෙන්න ගිහින් ලමයි නරක් කොරනවා..
ReplyDelete