ගහෙන් වැටුනෙත් මම
ගොනා ඇන්නෙත් මට
මගේම උන් වටකරගෙන
ආපහු තැලුවෙත් මට
අනේ ළගපාතකඋඹ
උන්නා නම් හිතුනා මට
එහෙනම් ඉඩක් නොතියාවී
වටකරගෙන මට තලන්න
තොල් දෙපොට හපාගෙන
ඇස් රිදෙනකන් ඇඩුවා මම
දැන් නම් හොදටම වැඩි
රතු කට්ටට ඔන්න මෙන්න
හිතුනොත් අම්මපා මම
ලට්ට පට්ට අකුලාගෙන
සකලමනාවම ඔතාන
යනවා හිස් කට්ට
හැරිච්ච දිහාවක
අමනාප වෙලා නේන්නම
ඔන්න අඩගහන්න එන්න එපා
එන්නේ නෑ ආයේ මම ...
චිත්තරූප මැවෙනසුළුයි
ReplyDeleteපින්තූරෙ ටිකක් ලොකු වැඩී :P
අපූරුයි! :)
ඔන්න පොඩි කළා
Delete"ඔන්න අඩගහන්න එන්න එපා
ReplyDeleteඑන්නේ නෑ ආයේ මම"
අත අතනාරින්න කියල නේද මේ කියන්නේ...
හැමදාම වගේ අදත්, හරිම සුන්දරයි මේ කවිකම..
කවි සිත්තම මනරම්...
ReplyDeleteඅදහස නම් දුක්ඛිතයි....
යන්ට යන අගනන්
ReplyDeleteඅල්ලා ගෙනැත් සලකන්
මොටද වෙන්නේ ලැතැවුල්
දාගෙන සැපින්නක් ගෙයි මං
දේශකතුමා මේ නෝනටද සැපින්න කිව්වේ??
Deleteකියවං යද්දි එක එක දේවල් මැවුනා.ලියපු දේ ගැන ඉගියක්වත් තිබ්බනං හොදයි කියලා හිතුනා...
ReplyDeleteනියමා....................යි
ReplyDeleteගහෙන් වැටෙද්දි
ReplyDeleteඑල්ලුනේ ගොනාගෙ නම්
ඇන්නට පස්සේ තැලුවෙත් හරක් නම්
ආයේ අඬ ගැහුවට අපායට යන සිරිතක් තියෙනවද?
අපුරුයි.. සිතුවම් මැවෙන සුළු හිත පතුලටම වැදුණු පද පෙළක්..
ReplyDelete