මල ඉලව්
පල හිලව්
හැදෙන කැඩෙන ගානට
දුක් වෙන
සතුටු වෙන
අඬන දොඩන
හිනාවෙන
කෙල උනාම
මත්තේ හැපෙන
කඳුලු පෙරන
හූල්ලන
බැන බැන
මඟ බලන
හොරෙන් හොරෙන්
පස්සෙන් යන
කාලෙකින් යලි ඇලෙන
ඇලි ගැලී ආයේ අඬන
හිනාවෙන පිස්සු කෙලින
පැටෙලෙන දිගහැරෙන
විලම්බීත
විපරීත
අමුතුම ගැජට් එක
අම්මපා මේ හිත
විකාරයි හොදටෝම
හිතටත් හිතප් පපුවක් නැද්ද මන්දා මෙහෙම හිතන්න නේ? :P :D
ReplyDeleteඅමුතුයි සහ ලස්සනයි :D
අමුතුටත් අමුතුයි නම් අනේ මන්දා ඉතින්...
ReplyDeleteසිරාවටම අමුත්තක් තියනවා
ReplyDeleteඅමුතුයි නුහුරුයි හැබැයි අපුරුයි..
ReplyDelete