Friday, June 20, 2014

විපරීත ගැජට් එක


මල ඉලව්
පල හිලව්
හැදෙන කැඩෙන ගානට
දුක් වෙන 
සතුටු වෙන
අඬන දොඩන 
හිනාවෙන
කෙල උනාම
මත්තේ හැපෙන
කඳුලු පෙරන
හූල්ලන
 බැන බැන
 මඟ බලන
හොරෙන් හොරෙන්
පස්සෙන් යන
කාලෙකින් යලි ඇලෙන
ඇලි ගැලී ආයේ අඬන
හිනාවෙන පිස්සු කෙලින
පැටෙලෙන දිගහැරෙන
විලම්බීත 
විපරීත
අමුතුම ගැජට් එක
අම්මපා මේ හිත
විකාරයි හොදටෝම

4 comments:

  1. හිතටත් හිතප් පපුවක් නැද්ද මන්දා මෙහෙම හිතන්න නේ? :P :D
    අමුතුයි සහ ලස්සනයි :D

    ReplyDelete
  2. අමුතුටත් අමුතුයි නම් අනේ මන්දා ඉතින්...

    ReplyDelete
  3. සිරාවටම අමුත්තක් තියනවා

    ReplyDelete
  4. අමුතුයි නුහුරුයි හැබැයි අපුරුයි..

    ReplyDelete