Monday, June 16, 2014

නොකී මළගම ....





ඌ ගියා යන්නම

මළගමවත් නොකියම

අනේ මං ඉන්නවා තාමත්

මල්වඩම් සේසත් අටෝගෙන

මල බතකුත් උයාගෙන

හාරපු වලේ පස් කන්ද උඩ

සොහොන් ගලට වත්තම්වී

මතක වස්ත්‍රයේ කොනකින්

හොටු කදුළු පිහ පිහ

අවසන් කටයුතු කරන්නට...

6 comments:

  1. ආදර කවි ගීත..
    විරහෙන් ගෙතූ පදවැල්
    සියක් කියවා ඇති...
    අසා ඇති..
    එහෙත් මෙවන් විරහ ගීයක්..
    මහපොලොවෙ පයගහල ජීවත් වෙන
    ජීවිත ගැන කතා කරන්න...
    සියුමැලි උවම් සෑහෙන්නෙ නෑ
    මම මේ කවියට පට්ට ලයික්..! පට්ටම ලයික්..!

    ReplyDelete
  2. උබ මගේ කවියට ලයික් කොච්චර ගුණයක්ද ඊටත් වැඩ නොසැහෙන ගුණයක් මං උබේ කොමෙන්ටුවට ලයික් මලයෝ

    ReplyDelete
  3. ෙමාකද ෙම් ෙපා්ස්ට වැහි වස්ෙසන්ෙන්

    ReplyDelete
  4. හී හී බ්ලොගකුත් තියෙනවා කියලා හදිස්සියේම මතක් උනා

    ReplyDelete