තිබ්බ හකුර වක්කඩේ දිය උනාට
රකින්න හකුරක් ලග නැතුවට
සීනි මුරුක්කුවක්වත් තිබ්බා නම්
තිත්ත හිතේ අපුල අරින්න
ඒත් මක් කොරන්නද
හකුරු රහ වැටුණු හිතට
සීනි මුරුක්කු එපාලුනේ
අනේ උගේ ගනකම
උඹට හකුරම ඕනිනම්
දැන් ඉතින් උඩ බලන්
මලක් පීදෙනකම්
ලැගපන් කිතුල පාමුල
අනේ අම්මප උඹෙත්
ඇට්ටර කමක තරම
බෙල්ල කැඩෙනකන් බලන් ඉදලත්
ඇති වෙලා නෑනේ බොට
පැණි අරන් කිරපන් බොල සීනී..
ReplyDeleteමක් කිවුවා ?
Deleteගිය හකුරට නාඬන්නේ තව හකුරක් රැකගන්නේ...
ReplyDeleteහකුරු එපා දියවැඩියාව
Deleteකල් කදුරු තිත්ත කරවිල
ReplyDeleteඊටත් වඩා තිත්තයි නේද ඔය දුක
තේරුනා හිනා නොවීම උඹ
සීනි මුරුක්කු, හකුරු ගැන කියනකොට...
නෙතු නොපියනා රෑක සිහිනෙන්
හිත ලඟ ආදරේ සුවඳ ගෑ
පෙම්බර සෙනෙහස
මහමෙරක් පැතුම් බිමදාල ගියාට
ලඟ ඉඳන් දුන්න ආදරේ නාමයෙන්
එකම එක වචනෙකින්වත්
පුංචි හරි දොසක් නොකියා
උඹේ හිතටම බැණගන්න අරුමය...
හ්ම්....
ReplyDelete