Sunday, July 27, 2014

සීමිත අවකාශයක අසීමිත නිදහසකින් උඹ වගේම මමත්...

හිටි හැටියේම කළු වලාකුළු අස්සෙන් ඇගිලි තුඩු අගිස්ස්ට අහුවෙන රිදී රේඛා හරි සුන්දරයි.....අතේ මිට මොලොවගන්න බැරි උනත් ඒ දිස්නේ හිත හිරිවට්ටන ප්‍රීතියක් ශේෂ කරනවා... කළු වලාවේ පාට වියැකිලා අළු පාට වෙන්න පටන් අරන් දැන්..හෙට අනිද්දාම අවශේෂ වලාකුළු අස්සෙන් කළු වලාව හොයා ගන්නත් බැරි වෙයි...එත් දිස්න ගහපු රේදී රේඛා අතරින් අතපත ගාපු ජීවිතේ මතකය ආයෙමත් ජීවිතේ අල්ලගන්න පන්නරය අරන් එයි... කළු උනත් සුදු උනත් ඒ ජීවිතේට ආදරේ කරන්න හයිය දෙයි...මටම විතරක් නෙවෙයි උඹටත්...පුර හඳ ආවත් නාවත් අපි නිර්වාණයේ දොරකඩ හිදී හැමදාමත්..

මට හැමදාමත් ජීවිතේ මිට මොලවගන්න ඕනි උනා...ඇගිලි කරු අස්සෙන් බේරිලා යන්න නොදී තදකරලා බැදලා අල්ලගන්න ඕනි උනා....එත් ගලාගෙන යන ජීවිතේ අල්ල ඇතුලේ හංගගන්න බෑ කියලා තේරුම් ගන්න මට හුගාක් කදුළු වියපැහැදම් කරන්න උනා...සමහරවිට ඉස්සරහටත් එහෙම වෙන්න පුළුවනි..නොවෙන්නත් පුළුවනි.. කාලෙකදී මං හිනා උනා..පස්සේ ඒ හිනා උණු හේතුවටම ඇඩුවා... පස්සේ ඒ ගැන කිසි වගක් නැතුව හිතන්න පුරුදු උනා... කාලෙන් කාලෙට මගේ පුරුදු වෙනස් උනා.... වෙනස් වෙන්නේ නෑ කියලා මනුස්සයෙක්ට පොරොන්දු වීම මොන තරම් අසාදාරණද වගේම වෙනස් වෙන්න එපා කියලා තව එකෙකුගෙන් පොරොන්දු ගැනීමත් මොන තරම් අසාදාරණද කියලා මටම පසක් කර ගත්තා... අපි තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා.... ඒ වෙනස් වීමේ වේගය අනෙකාට සාපේක්ෂව අඩු වැඩි වෙනවා... ඒ වේගය අපිට දරා ගන්න පුළුවන් හැකියාව අනුව අපි තවකෙක්ව ඉවසීමේ කාලසීමාව රදා පවතිනවා...ඉද හිට මේ සදහා ජිවිත් කාලයම වැය වෙනවා... සමහරවිට එහෙම වෙන එක වාසනාවන්තයි... එතකොට එක ලග රැදෙන කාලසීමාව ජීවිත කාලයක් වෙනවා... එහෙම නොවෙන එකත් වාසනාවන්තයි...එතකොට වෙන වෙන මානයන් අස්සේ ජීවිතේ අතපත ගන්න ලැබෙනවා...එහෙම බැලුවත් ලෝකේ කොහෙවත් නරක දේවල් සිද්ද නොවෙන්න පුළුවන්... නරකම දෙයක උනත් හොද හේතුවක් තියෙන්න පුළුවන්.... නැත්නම් අපිට හොද හේතුවක් හදා ගන්න පුළුවන්. යන්නං වාලේ නොයා යන්න හේතුවක් හදාගන්න පුළුවන්....

ඒ හේතුව සාපේක්ෂයි... එත් මොකක් හරි වටිනාකමක් තියන හේතුවක් සහ ඒ හේතුව තෝරා ගැනීමේ සම්පූර්ණ වගේකීම දරන්න පුළුවන් හයිය එකතු කර ගත්තු තැන අපිට නිකන්ම නිකම් ජීවිතයකට වඩා යමක් මුණ ගැහේවි... සින්නක්කර සන්තක කර ගැනීමෙන්  ඔබ්බට ගිය ආදරණීය ජීවිතයක් මුණ ගැහේවි...මටම විතරක් නෙවෙයි උඹටත්...පුර හඳ ආවත් නාවත් අපි නිර්වාණයේ දොරකඩ හිදී හැමදාමත්.. සීමිත අවකාශයක අසීමිත නිදහසකින් උඹ වගේම මමත්.... 

6 comments:

  1. අනේ මන්දා මොනා කියන්නද කියලා.............මෙව්වා තේරුම් ගන්න මං තාම පොඩි වැඩියි.

    ReplyDelete
  2. හ්ම්ම්, කියන්න දෙයක් හිතා ගන්න බැරි උනත් අදහස නම් ලස්සනයි..

    ReplyDelete
  3. //එත් ගලාගෙන යන ජීවිතේ අල්ල ඇතුලේ හංගගන්න බෑ කියලා තේරුම් ගන්න මට හුගාක් කදුළු වියපැහැදම් කරන්න උනා...සමහරවිට ඉස්සරහටත් එහෙම වෙන්න පුළුවනි..නොවෙන්නත් පුළුවනි.. කාලෙකදී මං හිනා උනා..පස්සේ ඒ හිනා උණු හේතුවටම ඇඩුවා...//

    මගේ කතාව නම් තවම මෙ තැනින් එහාට ගිහින් නෑ...අනේ මන්ද, මෙනව කියෙව්වත් මට ත් එහෙමයි කියලනෙ හිතෙන්නෙ බුබුළුවෝ.....

    ලැම්බාගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..අපි බලාන ඉමු... කොතැනක නවතීද කියලා

      Delete