Tuesday, July 1, 2014

අම්මපා විරහව.....

alone lonely drawing sad picture and wallpaper
අම්මපා විරහව
උඹ නම් මාරයි
කිවුවේ නැද්ද
ඒ වගක් කවුරු හරි
බලාපන්කෝ උඹ 
මාකට් වෙන ලස්සන
ඇගට නොදැනීම 
ඉල්ලුම අහසට
සැරව පෙරාගෙන
ඕජස් නාගෙන
ඉන්න උඹේ ඔය
කුණු රහ ලොවන්න
වලිකන පොරකන
නර පණු පෝලිම
ඇදී ඇදී එයි 
වැල නොකැඩීගෙන
අම්මපා විරහව
උඹ නම් මාරයි
මටත් දැනුනේ කුණු
රහ වටුනාමයි 

5 comments:

  1. හරියට කරවල වගේ වස්තුවක් වෙන්න ඇති විරහව..කරවල වල කුනු රහ වැඩිවුනාම තමයි මිනිස්සු වඩාත් කැමති..
    නරක් නොවුන එලෝලු හොයන ලෝකෙ ගඳ වැඩිම කරවල වැඩිපුරම මාකට් වෙන්නෙ ලංකාවෙ ද මන්දා..

    ReplyDelete
  2. විරහව සුන්දරයි...

    ReplyDelete
  3. අම්මප මම මේ කම්පනා කොලේ.. බූට් දෙක තුනක් කෑව නම් අපිත් හෙන කවියො තමා ඕන්...

    ReplyDelete
  4. If some one wishes expert view about running a
    blog then i recommend him/her to visit this web site, Keep up
    the pleasant work.

    My web site: Orange County Staffing

    ReplyDelete
  5. Amazing issues here. I am very satisfied to peer your post.
    Thanks so much and I'm looking forward to contact you.
    Will you please drop me a e-mail?

    Feel free to visit my web site: Orange County Staffing Agencies

    ReplyDelete