Wednesday, July 9, 2014

ශිෂ්ටාචාරය නිදොස්ද?

තත් අතරින් 
එලියට බේරෙන
පන ගහන ජීවිතය
විඳගන්න පිං කලේ 
අපි විතරමද?....
කුණු වී පැහැවන
ජීවිත වගුරට පීදුන
නෙලුම ගැන ආරංචි උනෙත්
බඹරු තුන හතරකටද?...
පොඩිවට පිපුණත්
පිපුනෙ නෙළුමක් නම්
මඩකරි අස්සේ දිලිහෙන්න
ඒ නෙළුමට තහනම්ද?...........
ලක්ශ්මී එක්ක 
සන්ධානගත වුනු සරස්වතී
අද නෙළුම් පල්ලෙන් 
මඩට බැහැලද?..
කිල්ලෝට වල
හුනු නොතිබුනාට
කවුරු කවුරුත් 
නිදොස් වේවිද 
එහෙමෙ නිදොස් කොට 
නිදහස් කලොත්
නිවි හැනහිල්ලේ
නින්ද යයිද?

15 comments:

  1. දාන කමෙන්ට්ස්වලට රිප්ලයි කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එහෙකට හැම වෙලාවෙම උත්තරයක් බලාපොරොත්තු වෙනවා කියලා නොහිතුනු නිසයි කියවලා නිකන් උන්නේ

      Delete
    2. මාත් ඕක බැලුවා නලියෝ. සමහර වෙලාවට නෑවිත් යනවා ඒක නිසා..

      මේකනේ ඔයා මොකක් හරි ලියන්නේ කව්රු හරි බලයි කියල හිතලනේ.. අපි දාපු කමෙන්කටු වලට උත්තර නොදුන්නම අපි හිතන්නේ “ඩෝන්ට් කෙයාර්“ කියලා. ඉතිං එහෙම අයට මොකටද ප්‍රතිචාර දාන්නේ කියල ආයි හිතන්න වෙනවා..

      Delete
    3. තරහ අවසර... මෙතන් පටන් යහපත් දරුවෙකු සේ රිප්ලයි කොටන්නම්

      Delete
    4. ඔව්ව ඒ තරම් හිතට ගන්න එපා. ඇත්තටම මටත් හිතුනේ දේශා කියල තියන දේමයි. ඒ නිසාමයි කෙළින්ම ඇහුවේ. දැන් අපි හොද දරුවන් සේ ඉමු.

      Delete
    5. අන්න එහෙමයි හොද ළමයි.. පොඩ අඩුපාඩුවක් උනත් හදාගන්නවා..

      Delete
    6. අපි හොඳ ළමයි

      Delete
  2. අපේ මාධව ලොක්කා කියන, ඔබ හිනාවෙන්නේ කොහොමද? එකේ ඩුප්ලිකේට් එකක් වගේ :ඩී

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕනි උනේ සහ කිවුවේ එයාල ගැන තමා...කබ්බෝ පොරවල් වෙලා රූප පෙට්ටි බදු අරන් ඉන්න කාලේ සාක්කු වල ඉන්න මොනරු පැටවූ ගහන්නේ නැති නිසා එහෙන් මෙහෙන් ටික දෙනෙකුට විතරක් අහු උණු පට්ට නිරමාණ ටිකකට හෙන අසාධාරණයක් වෙලා..ඔව් අපි දන්නවා පිපුනේ මඩේ පිපුනේ පොඩියට එත් ඒ නෙලුමක්නේ...කලින් සරස්වතී උන්නේ නෙළුමේ..එත් දැන් ලක්ෂ්මී සරස්වතීවත් ඇදගෙන මඩට බැහැලා ...

      Delete
    2. මක්කා කොරන්නද? මේ ලෝකේ කැරකැවෙන්නේ සල්ලි උඩ නොවැ... මම නම් හිතන්නේ අපි කාටවත් බැනලා, විලාප තියාලා වගක් වෙන්නේ නෑ කියලා... අපේ යුතුකම කලහම ඉවරයි, ඔතන ගැට්ලුව තියෙන්නෙ පෘතග්ජන මිනිස්සු වශයෙන් අපි ආපහු දෙයකුත් බලාපොරොත්තු වෙනවානේ.

      Delete
  3. නියමයි.. වෙන මොනවා කියලා කියන්නද.. ඇත්තටම නියමයි..

    ReplyDelete