Monday, May 30, 2016

බුකියේ බිත්තිවල විත්ති..


තමන්ගේ බිත්තියේ තමුන්ට ඕනෑ එකක් ලියා ගනීමට අලවා ගැනීම පූර්ණ නිදහස තමන්ට ඇත..සකර්බර්ග් අයියාට ෆ්ලවර් ජම්ප් උනේ නැත්නම් ඕක බිත්තියේ එල්ලිගෙන තව චිරාත් කාලයක් ඔහොම්ම ඉන්නවා ඇත.දැන් දැන් සකර්බර්ග් අයියා ඒ කාලේ බිත්තිඋවල කුරුටු ගාලා අමතක වෙච්චි ඒවා අපි වෙනුවෙන් බිත්තියේ කෙලෝරට ගිහින් හොයන් ඇවිත් පොටෝ කොපි ගසා ආපහු බිත්තියෙ අලවා දීමට තරම් කාරුණික වී ඇත.එවිට අපිට එකල මෙකල අපගේ බිත්තියේ ප්‍රගමනයද මැන ගත හැක.

හැබැයි තමුන්ටත් තමුන්ගේම කියලා බිත්තියක් තියාගෙන අනුන්ගේ බිත්ති වල අනිවාර්තේ ඉඩ නාස්ති කරන එක නරකය.කොල්ලටයි බල්ලටයි බිත්තියට කිට්ටු නොවෙන්න වැටක් බැඳලා නම් යාන්තමට හරි බිත්තිය බේරා ගන්න පුලුවන් උනත් ගෙදරට ලියනමක් එවලා හරි අනුන්ගේ බිත්තියේ තමුන්ගේ විස්තරේ පල කිරීමට ඇප්පෘවල් ඉල්ලන උන් එමටය.සෙට් එකක් එකතු වී බිත්තියේ මොනවාහරි අලවා ගත්තොත් ඒක උන්ගේ ආතල් එක කියා පාඩුවේ ඉන්නට බැරි කොට්ටසයක් හිඳී.උන් බිත්තියෙ පාමුල කුණු දමති.මූත්‍රා කරති.හූරති.බුලත් කෙල ගසති.අවසානයේ බිත්තිය අයිතිකාරයා හෝ බුකියට අදිපති සකබර්ග් අයියා පමිණ පෝස්ටුවේ කලුතෙල් උලා දමති.

බිත්ති හින්දා සමාජයේ හෙන ගැටලුය.ඇතැම් විට බිත්තියේ අලෝන ඒවා නිසා ගෝලීය උශ්ණත්වය , ග්ලැසියර් දියවීම, ඕසොන් ස්ථරය හිල් වීම වැනි ප්‍රශ්නවලටත් වඩා මහා ප්‍රශ්න ඇති වේ. සමහරු ප්‍රශ්න නැති සාංකාවට ප්‍රශ්නයක් හොයා ගන්නද බිත්තියේ ලියති.මෙකී නොකී බිත්ති වල විත්ති බොහෝමයකි.ඒත් මේ විත්තිය සකබර්ග් අයියාට යස අපූරවට මීටර් උනු පසු සිරිලංකාවට විතරක් බිත්ති සඳහා විශේශ බුකී චක්‍රලේකයක් නිකුත් කරනු නිසැකය.අන්න එදාට මක්කවත් කොරන්න තමුන්ගේම කියලා බිත්තියක් අහිමි වී බිත්ති  වාරණයක ලක්වීමට ඉඩකඩ බොහෝය.ඒ නිසා දිලිහෙන බිත්තියේ කුරුටුගෑමට පෙර ඇබින්දක් වත් සිතා බලා බිත්ති කළමණාකරනය සඳහා දැන් හිටංම පුරුදු පුහුණුව සුදානම් වෙන එක සරීර කූඩුවට යහපතිය.