නොනවත්වාම ජංගමයා හඬ තලයි..ඇහුණා නෑහුනා මෙන් උන්නත් නවතින පාටක් නම් නැත.යාන්තම් ඇහැ පියවේගෙන එන විට කෑ මොර තලන ජංගමයා ගැන තදබල ලෙසට හිතට කාන්දු වෙන නොරිස්සුමක් සමඟ මම නෙත් පියාගත් වනම උගේ බොටුව මිරිකා විසන්ඳි කර දැමුවෙමි.නමුදු තත්පර කිහිපයක්වත් ගත වන්නට නැත.නැවතත් කිසිදු අනුකම්පාවක් නොමැතිව මගේ කොට්ටය අස්සට රිංගාගෙන උන් ඌ දෙදරමින් මහ හඬින් මොර දෙන්නට විය.
"මොන මළ කරුමයක්ද මන්දා..නිවාඩු දවසේ මොකාද මේ වද දෙන්නේ "
මම හිතෙන් දෙස් තියමින් ජංගමයාගේ කෙස්සෙන් අල්ලා කොට්ටය යටින් එළියට ඇද උගේ මූණතහඩුව දෙස නිදිමත පෙරෙන තනි ඇසෙන් බැලීමි.
"අප්පච්චී" ජංගමයාගේ මූණතහඩුවේ සටහන්ව තිබුණේ එලෙසය.
මම උගුර පාදා කටහඬ සකසා ගතිමි.අප්පච්චි දවල්ට නිදා ගන්නවාට බිඳකුදු මනාප නැත.
"හෙලෝ අප්පච්චි කියන්න"
ආ.... පුතා නිදාගෙනද උන්නේ?"
කෙතරම් බොරු ගෙතුවද පලක් නැත්.අප්පච්චී තරම් හොඳින් මා ගැන දන්නා අනෙකෙකු නොමැති තරම්ය.
අනේ නෑ අප්පච්චි .. මේ බාත් රූම් එකේ හිටියේ .. ඇහුනේ නෑ.."
මම මුසාවක් ඇමිණූවෙමි..මගේ බෝඩිම් ජීවිතයට නම් පිළිවෙලක් කියා දෙයක් ගෑවිලාම නැත.නිදා ගැනීමට අවදි වීමට වෙලවක් කලාවක් මොකොවත්ම නැත.රැයක් දවාලක්ද නැත. ඉදින් අදද එලෙස හොඳටම එලිය වැටුණු පසු ඇඳට ගොඩ වූ දිනයකි.එපමණක්ම නොව මේ අද දිනයට අප්පච්චිගෙන් පැමිණි සිවුවන ඇමතුමයි.
"මොනා කරන්නේ? මේ අප්පච්චීගේ මීලඟ සුපුරුදු පැනයයි."
ඉන්පසු කෑවද, බීවද ,ඉව්වද, ඉව්වේ මොනාද ,කොහේද ගියේ ,කවුද එහේ හිටියේ, එයා මොනාද කිවුවේ මෙකී නොකී ප්‍රශ්නාවලියකි.
අප්පච්චීගේ හැටි එහෙමය.ඔහු එලෙස විමසන්නේ වුවමනාවකට හෝ සැකයක් නිසාවෙන් නොව නිකමටය.ඒ ආදරේට විය හැකිය.ඔහු අපි කාටත් එහෙමය.මට මල්ලීට අම්මාට කිසිදු වුවමනාවක් නොමැතිව වුවද දිනකට හත් අට වතාවක් අමතයි.කියන්නට තරම් දෙයක් නැතත් මොනවාම හෝ පවසයි.ඔහු කොයිතරම් කාර්යබහුල වුවද මේ පුරුද්දේ නම් පුංචියට තරම්වත් වෙනසක් නොවෙයි.වරක් ඇමතූ පසු ජංගමයාට පිළිතුරු නොදුනහොත් පිළිතුරු දෙන තෙක්ම එකපෙළට ඇමතුම් ගලා එයි.
මා නිවිහැනහිල්ලේ මා ගැනම සිතූ බොහෝ අවස්ථාවලදී මා පසක් කොට ගත්තේ මා අම්මාට වඩා අප්පච්චිට ආදරය කරන බවයි.ඔහුද එසේම වන්නට ඈත.පවුලෙන්ම මගේ ප්‍රියතමයා වන්නේ ඔහුය.දුවලා වැඩිපුර ආදරේ අප්පච්චිලාට යන කතාවනම් අසත්‍යක් වීමට නොහැක.මන්ද මා එතරම්ම ඔහුට ඇලුම් කරන බැවිනි. මට බාල සොහොයුරෙකු සිටියද ඔහු කවදත් මට ඇමතුවේ පුතා දුව ලෙසය. කොහේ සිට නිවසට පැමිණියද ඔහු දොරට ගසමින් අඬගසන්නේ මටය.
මට හොඳින්ම පෑහෙන පවුලේ සාමජිකයා ඔහුය.අපි දෙදෙන එක්වූ තැන්හී අපට දෙඩීමට ඇති දෑ හී ලැයිස්තුව බොහෝමත්ම දීර්ඝය.අප දෙදෙනාගේ සංවාදයන්ට කිසි විටෙකදී අම්මා හෝ මල්ලි එක් නොවෙන අතර අප කතා කරන කිසිවක් ඔවුනට රිසි මාතෘකාද නොවේ.මා බාලේ පටන්ම පොත් ගුල්ලියෙකි.අදද මා වචන තුන හතරක් අමුණා කුමක් හෝ කුරුටු ගෑමට තරම් හපන් කමක් ඇත්නම් ඒ අප්පච්චී නිසාමය.සාහිත්‍ය, බෞද්ධ දර්ශනය, ඉතිහාසය ,දෙශපාලනය ,ගුප්ත විද්‍යාව අප්පච්චීගේ සංවාදවල සුලබ ප්‍රස්තූථයන්ය.ඔහු දන්නා දේ බොහෝය.
විද්‍යා විශයන් උගත් මගේ අම්මාට නම් කලාව අපුලය.ඒත් අප්පච්චීටනම් කලාව යනු රස ගුලාවකි.අප අම්මට ඉඳ හිට බලෙන්ම වාගේ කියවන්නට පොතක් දෙකක් ගෙනැවිත් දුන්නද ඈ කිසි දිනයක පොතක් ඈවර වනතුරුම නොකියවයි.අහම්බයකින් හෝ කියවා අවසන් කළහොත් ඒ පිටු සියයක් තරම් වූ පොතක් මසකදී පමණ කියවා නිමකල අවස්ථාවකදී පමණි.මා ජනිත වූයේ අම්මාගේ හා අප්පච්චීගේ රුචි අරුචිකම් ගති සිරිත් හුරු පුරුදු වලින් පමණක්ම යැයි යමෙක් කොතනකදී හෝ පැවසූවොත් අම්මගෙන් මට උරුම වන්නට ඇත්තේ ඇට්ටර දඩබ්බර ගුණය පමණක්ම යැයි නිසැකවම පැවසිය හැකිය.ශේෂ වන්නාවූ සියල්ල ඇබින්ඳක තරම්වත් දෙගිඩියාවකින් තොරව අප්පච්චිගේ යැයි කිව හැකිය.
අප්පච්චී පන්සල හා සමීප ඇසුරෙකින් හැඳී වැඩුනෙකි.ඔහුට ගුත්තිලය සැලලිහිණිය එක කවියක් නෑර කට පාඩම්ය.ඔහු ඕනෑම කවි පදයක් සැනින් ධාරණය කර ගැනීමේ හපනෙකි.ඔහුට වූ ඒ හැකියාව පවුලෙන්ම උරුම වූයේ මට පමණකි.මගේ මල්ලිට කවි පද හතරක් මතකයෙහි ගබඩා කොට ගත හැකි දිනක් වී නම් එදිනට සක්වල කලඹා මිහිකත කම්පා වනු නිසැකය.පුංචි සන්ධියේ පටන් අප්පච්ච්යි මමයි තරඟයට කවී කීවෙමු.වාද කලෙමු.වරු ගණන් කියෙව්වෙමු.මේ තරමටම ලොකු මහත් වූ පසු පවා ඔහුට තුරුළු වී කතා කිරීමට දැනුදු ශේෂ වී ඇති දෑ බොහෝමය.
අප්පච්චීට පාලි හා සංස්කෘත දැනුමක් ඇත. පිරුවානා පොත් වහන්සේ ඔහුට සම්පූරණයෙන්ම කට පාඩම්ය.අප්පච්චිගේත් අප්පච්චි කුඩා කාලයේදී ඔවුනට සකස්කඩ , බුද්ද ගජ්ජය ,ශත්‍රශතකය, නවරාශ්ටශතකය වැනි විවිද ග්‍රන්ථ ගෙනවිත් දුන්නේලු.ඇතැම් පොත් වල නම් මා අසාවත් නොමැති අතර සමහර නම් ගම් මගේ මතකයේ පවා ශේෂ වී නොමැත.පාසල් ගොස් පැමිණි පසු පන්සලේ ලොකු හාමුදුරුවන් මුණ ගැසී මේ පොත් උගැන්ම ඔහුගේ නිවසේ අනිවාර්ය නීතියක්ව තිබුණු බැව් අප්පච්චි වරෙක මා සමග පැවසූ බව මතකය.අදද ඔහු විවේක පාඩුවේ පසුවන ඇතැම් අවස්තාවලදී අප අසාවත් නැති කවි ,ශ්ලෝක , ගාථා මුමුණනු මම අසා ඇත්තෙමි.
අප්පච්චී යනු මට නම් අපූරු අපූර්වතමයෙකි.පුංචිම කාලයේ මම සෙල්ලම් බෝනික්කන්ගෙන් සෙල්ලම් කලද දැන් ඒවා කාමරයේ ගොඩ ගසාගෙන සිටින්නේ සෙල්ලම් කිරීමට නොව කාමරය හැඩ කිරීම සඳහාය.නමුදු අප්පච්චීට නම් එසේ නැත. මම කාමරය අතු ගා අස්පස් කර බෝනික්කන් ඇඳේ පෝළිමට ඇසිරූ එක් දිනක් මට අද වාගේ මතකය.ඒ වන විටද මට වයස අවුරුදු විසි දෙකක් හෝ විසි තුනක් වන්නට ඇත.එසේ වුවද ඔහු මාගේ කාමරයට ඇතුලු උනේ පුංචි සන්ධියේ මගේ සල්ලම් ගෙදරට ගොඩ වෙනවා හා සමානවමය.
"ඔන්න ඔයාගේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලලු..තේ බොන්න තේ වතුර ලිපේ තියන්න."
බෝනික්කන් ගොඩේ වාඩි වී ඔහු කියූ සැටි මට අද වාගේ මතකය.ඒ සිනා මුසු මුව මඬල මට දැනුදු දෑස් පියා ගත් ඇසිල්ලක අනාසයෙන්ම නෙත් ඉද්දර මවා ගත හැකිය.
අප්පච්චී කිසි දිනෙක කිසිවකින් කම්පා වනු මම දැක නොමැත්තෙමි.ඇසුවා නම් ඒ එක් වරක් පමණක්ය.ඒ මා කොලඹ බෝඩිමක නතර කර ගිය දිනයේය. සතියක් දෙකක් යනතුරු ඔහු අමුතූ වී සිටි බව දිනක් අහම්බෙන් වගේ මගෙ ලොකු අම්මා කෙනෙකුගේ මුවින් පිට විය.ඒ වනතෙක්ම මම ඒ ගැන හාන්කවිසියක්වත් දැන නොසිටියෙමි.එහෙත් පැයකට වතාවක් පමණ මට දුරකතන ඇමතුම් දුන්න බවත් බෝඩිමේ ඉන්න බැරි නම් දමල ගහලා ගෙදර එන ලෙසත් කියූ අයුරුත් නම් මට හොඳ හැටියට මතකය.
අප්පච්චී තරම් නිවුණු දැමුණු කිසිවෙකුත් මම මෙතෙක් මුණ ගැසී නැති තරම්ය..සිව් විසි වසරකටත් වඩා මාස කිහිපයකට දීර්ඝ වූ මාගේ ජීවිත කාලය තුල මම අප්පච්චී කෝපයෙන් සිටිනවා දැක ඇත්තේ දෙවරක් පමණකි.අද වනතුරුම මා ඔහුගෙන් නිය තුඩක් තම් වත් වූ පහරක් නොලද අතර අතැඟිලි වලටත් වඩා අල්ප අවස්ථාවන් කිහිපයකදී පමණක් බැනුම් අසා ඇත්තෙමි.දන්නා කාලයේ දී පටන් ඉතා දඩබ්බර ඇට්ටර කෙල්ලකු වූ මගේ හිතුවක්කාරකම් අනෙකෙකු නම් කෙලෙසකවත් ඉවසාවි යන්න ඇදහිය නොහැකි නියතයකි.
තුරුණු දරුවන් සිටින කුටුම්භයක දූ දරු මා පිය සිතැඟි තුලනය නොවීම නිසා සිදුවන ඝට්ටන , දබර , සිත් රිදවීම් නම් එමටය.මාද එලෙස මා පියන් හා ගැටුණු අවස්ථා වැඩි මිස අඩුවක් නම් නැත.එවැනි දබර වලදී මාද අනන්තවත් විස පිරුණු වචන වලින් අම්මාට අප්පච්චීට දමා ගසා ඇත්තෙමි.එවැනි දිනයන්හී අප්පච්චි රිදවීම පිළිබඳව මා පශ්චාත්තාප වී හඬා වැටුණු අවස්ථාවන් එමටය.අම්මාටත් වඩා හිත වඳ වින්ඳේ අප්පච්චී නිසාමය.විටෙක එහි අමුත්තක් දැනුනද ඇතැම් විට එයට හේතුව බාලේ පටන්ම අම්මාගෙන් නම් ඉහේ කෙස් ගාණට කිහිප ගුණයකටත් වඩා බැනුම් අසා පහර කා දබර වී ඇති නිසා මගේ හිතත් කම්මලේ බල්ලාගේ ගාණට පදම් වී තිබීම විය හැක.මම අම්මාටද බොහෝ සෙයින් ආදරය කරන්නෙමි.නමුදු මම මටම අවංක වී සිතා කිරා මැන බැලුවොහොත් අම්මාට වඩා සුවිශේෂ වූ කුමක්දෝ බැඳීමක් අප්පච්චී කෙරෙහි මා අලවා තබා ඇත.
නැවතත් ජංගමයා මහ හඬින් මොර දෙයි.මා මෙලෙස සිතිවිලි දාමයක වෙලී කෙතරම් වෙලාවක් දිය කර දැමුවාදැයි මට නිනව්වක් නොමැත.මම ඇල්මැරුණු නෙතින් ජංගමයාගේ මුහුණ කියවීමි.
හ්ම්...පස්වන වතාවටත් ඒ අප්පච්චීය.............
අප්පච්චි.... හිතට තදින්ම දැනෙන කතාවක්. මම දුවෙක් නොවුනත් හැමදාම දවසට සැරයක් හරි කතා කරන එක මගේ තාත්තගෙත් පුරුද්දක්. මං පොඩි කාලෙ තාත්තා එක්ක උන්න කාලය ගොඩක් අඩුයි. නමුත් තාත්තා ගැන තියෙන ආදරය නම් මෙච්චරයි කියලා කියන්න බෑ.
ReplyDeleteඅදමයි ආවේ මේ පැත්තේ. සුබපැතුම්. නිර්මාණාත්මකව ලියන්න ඔබට හොද හැකියාවක් තියෙනවා. ජය...!
බොහෝම ස්තූත්යි ... හා පුරා කියලා ගොඩ වෙලා දාපු කොමෙන්ටුව මට බෝම වටිනවා...
Deleteමේ පැත්තට ආවෙ නම් අද. අමුතු විදියකට ලියනව වගේ.. සාමාන්‍යෙයන් මම එච්චර කමෙන්ට් කරන කෙනෙකේ නෙමේ. ඒත් මේක කියෙව්වම කමෙන්ට් නොකර බැරි උනා. :D
ReplyDeleteමගේ තාත්තත් අඩුමගානෙ දවසට දෙපාරක් තුන්පාරක්වත් මට කතා කරනව. උවමනාවකට නෙමේ නිකං. මොකද තාත්ත ඉන්නෙ ටිකක් දුර පළාතක නිසා. මේ කියන ඒවයින් 50%ක් විතර මගේ තාත්ත ගාවත් තියෙනව. මම නම් ඕනෙ නැති වැඩ කරල අම්බානෙකට බැනුං අහලනං තියෙනව. කොලුවෙක් වෙලත් මට එක දවසක්වත් තාත්ත ගහල නම් නෑ. ඒවටත් එක්ක කියන දේවල් නම් ඇති. බනිනව වගේම ජීවිතේ වැරදි වෙච්ච තැන් හදා ගන්න උදව් උනේත් තාත්තම තමා.
කොහොම උනත් මම නං 50/50 අම්මටයි තාත්තටයි ලව්.
පෝස්ට් එක නං පට්ටයි ++++ (y) සුභ පතනව ඉදිරියටත් කරන් යන්න :D
බොහෝමත්ම ඉස්තූත්යි... මේ කොමෙන්ටුව සෑහෙන්න මට වටිනවා...
Deleteමං නම් කියන්නෙ තාත්ත කියල.කෝම කිවුවත් ඒක විශ්වීයයිනෙ.මං කිවුවෙ තාත්තගෙ ආදරේ..බොහෝ දෙනෙක්ට පොදු කාරණා ටිකක් සුන්දරව හොරකම් කරල පෞද්ගලික කරගෙන ගොඩක් දෙනාගෙ හිත් ඇහැරෙවුවට පිං
ReplyDeleteලස්සනම ලස්සනයි ලිවිල්ලයි තේමාවයි දෙකම
සේරම අප්පච්චිලාට මේක උපහාරයක් වේවි :D :D
ඉස්තූත්යි සාශා නගො....කාටත් තමුන්ගේ අප්පච්චි එක්ක බැදිලා තියෙන්නෙ අපූරු මතකයක්....
Deleteඑල එල.. ඕක හරි සංකීර්ණයි..
ReplyDeleteහ්ම් ඇයි කියන්නකෝ?
Deleteදන්නවද පුංචි කාලෙ කෙල්ලන්ගෙ ලෝකෙ වීරයා තමයි තමන්ගෙ අප්පච්චි. කාලයත් එක්ක ඒ වීරයා මහ ඇණයක් විදියට දකින්න පටන් ගන්නවා. ඊට පස්සෙ උන්ගෙ ලෝකෙට කාඩ්බෝඩ් ෆැන්ටසි වීරයෝ එනවා. තවත් ටික කාලෙකින් අප්පච්චිල අවලංගු කාසි වෙනවා ඊට පස්සෙ කොහේ හරි ඉන්න හෝතම්බුවෙක් තමයි වීරයෝ..
ReplyDeleteඒත් තවත් ටික කාලෙකින් ආපහු මුලටම කැරකෙනවා. එතකොට ඉතුරු පසුතැවීම විතරයි.. :(
පෝස්ට් එක ගැන කියනව නම් නිර්මාණාත්මක හිතට දැනෙන කතාවක් අචිනි...........
ඔව්... යසිත ඒක හරි.. අපි සමහර දේවල් තේරුම් ගනිද්දී පරක්කු වැඩි.. ස්තූත්යි....
ReplyDeletemata nam therun na, thawa parak kiyawala honda da narakada kyannam !!!!
ReplyDeleteතේරුනෙ නෑයි කිවුවේ..හොදා හොදා එහෙනම් තව පාරක් කියෝලාම කියන්නකෝ..
Deleteමාත් ආව ඔන්න. බුබුලු කියල කිව්වාම මම හිතුවෙ අර වෙන කතාවක් කියලා පොඩි ලමයින හොද නැති. නමුත් මේක ගොඩාක් දැනෙන කතාවක්
ReplyDeleteඅපි පොඩි ළමයින්ට හොද නැති කතා ලියන්නෙ නෑ .... මට තාමත් හිතා ගන්න බැරි ඇයි ඔයාට එහෙම හිතුනේ කියලා,,, කෝම උනත් ඉස්තූත්යි මෙහාට ගොඩ උනාටයි කොමෙන්ටුවකුත් කොටලාම යන්න තරම් කාරුණික උනාටයි
DeleteDelete
මම දන්නා කතාවක් ආයෙ කියෙව්වා වගේ.. බුබුලුගේ මේ කතාව.. මේකෙ කතා නායකයාගෙන් එන ඇමතුම් ගැන මම සාක්ෂි දරනව. එක දෙයක් .. හැමෝටම මේ වගේ අප්පච්චිල ලැබෙනව අඩුයි..එහෙම ලැබිල තියන එකට ඉහත භවේක කරපු කියපු හොඳක් බලපාල තියෙන්නම ඕනෙ කියල මම කියන්නෙ කට කහනවට නෙමෙයි කියල බුබුළු දන්නව ඇති.
ReplyDeleteඔව් ළගින් ආස්‍රය කරන යාලුවෙක් විදියට උගු අයියා දන්නවා ඇති හොදටම මේ කියපු එකක්වත් බොරු නොවෙයි කියලා.ජීවිතේ ගොඩක් අහිමි වීම් හමුවේ අඩාගෙන වැටුණත් ඔයා කිවුවා වගේ මගේ අප්පච්චී කියන්නෙ මගේ පූරුවෙ පිනට මගෙ වෙච්ච කෙනෙක්.. එහෙම කෙනෙක් හිමි වීමෙ සහ අහිමී වීමෙ වෙනස මමත් නොදන්නවාම නෙවෙයි අයියා.. ඒත් ජීවිතේ හැම දේම අපිට එකම හැන්දෙන් බෙදලා නැති නිසා අපිට එ ගැන චෝදනා කරන්න බෑ ලද දේ විදිනවා මිසක.
Deleteme kathawa mata godak danuna.me appachchi ge gathi guna 100% hari ita wada poddak wadiyen hari mage appachchitath thibuna.eth mage appachchi mawa sadahatama dala ghn dan masekatath gevila ghn.mata thama e dwasa heenayak wage.eyage aduma mata godak danenawa.thamath kiyaganna bari tharam wedanawakin mage mulu hadawathama adum kanawa.
ReplyDeleteඑත් සදාකාලිකව ජීවත් වෙන මතකයක් හැමදාමත් ඉතිරිවෙයි නගා...
Deleteතැන්ස් කවි .........
ReplyDelete