
මඟ දිගට විසිතුරු බලමින්
මැණිකේ උඹ ලඟින්
ඇවිදන් ආවේ හෙමි හෙමින්
යන්න හිතානයි බෝ දුරක්
අතරමගකදී උඹ ඉතිං
පොඩියකට හැරිලා එන්නං මෙතනින්
කියා ගිය පසු සැනෙකින් මඟින්
ගිණි ගහන අවුවේ බලන් උන්නේ මං හිටං
ඇවිදන් ආවේ හෙමි හෙමින්
යන්න හිතානයි බෝ දුරක්
අතරමගකදී උඹ ඉතිං
පොඩියකට හැරිලා එන්නං මෙතනින්
කියා ගිය පසු සැනෙකින් මඟින්
ගිණි ගහන අවුවේ බලන් උන්නේ මං හිටං
ඇදුම් කන කකුල් කෙටි
කරකැවෙන ඔලුගෙඩිය
මේචල් කොරන් මං
ලගින්න උඹ එනකං
කකුල් කෙටි අද්දාන
අඩිය දෙක එකතු කර
ආවා මං ටික දුරක්
හෙවණක්හොයාගෙන
කරකැවෙන ඔලුගෙඩිය
මේචල් කොරන් මං
ලගින්න උඹ එනකං
කකුල් කෙටි අද්දාන
අඩිය දෙක එකතු කර
ආවා මං ටික දුරක්
හෙවණක්හොයාගෙන
පියෙන් පිය , පිය මැනන්
නොදැනීම ඇවිදගෙන
ආපු දුර බොහෝ බව
දැනුනේ මඟකදියි බං
කලබලෙන් මං ඉතිං
විපරමින් හෙවුවාම
උඹ එහෙම නැවතිලයි
කනට වැටුනා සැනින්
නොදැනීම ඇවිදගෙන
ආපු දුර බොහෝ බව
දැනුනේ මඟකදියි බං
කලබලෙන් මං ඉතිං
විපරමින් හෙවුවාම
උඹ එහෙම නැවතිලයි
කනට වැටුනා සැනින්
උර තියන් ආ මතක කද
අතරමග හලාගෙන
හෑල්ලුවෙන් ආවේ
අත් දෙකම වනාගෙන
විටෙක උරකට වාරුවී
විටෙක තනියම පයින්
උඹ ඇතැරි දින පටං
ඇවිත් මං දැන් බෝ දුරක්
අතරමග හලාගෙන
හෑල්ලුවෙන් ආවේ
අත් දෙකම වනාගෙන
විටෙක උරකට වාරුවී
විටෙක තනියම පයින්
උඹ ඇතැරි දින පටං
ඇවිත් මං දැන් බෝ දුරක්
සෙල්ලමට වගේ මම
බැලුවාම ආපු මග
අනේ උඹ එතනම
අරටු බැහැගෙන දිරනවා එකතැන
ලාවට වාගේ මට
දුක හිතුනා ඇබින්දක් තරමට
මඟදිගට අහුලාපු ජීවිතෙන්
අඩක්වත් දකින්නට
පින තිබුනේ නැනේ උඹට...
ඇබින්දක් කියන්නේ පොඩඩක් නේද?
ReplyDeleteow
Delete