
උපන්න දොහේ ඉඳන්
පපු කැනැත්තේ පතුලටම ඔබාගෙන
අප්පච්චි මාව මැණික් කැටයක් වගේ රකිද්දී
සත්තයි මං හිතාන උන්නේ
මං රජ පැටියෙක් කියලා
පපු කැනැත්තේ පතුලටම ඔබාගෙන
අප්පච්චි මාව මැණික් කැටයක් වගේ රකිද්දී
සත්තයි මං හිතාන උන්නේ
මං රජ පැටියෙක් කියලා
ඉල්ලන්න තියා හිතන්නත් කලියෙන්
ආදරේ ගෝනි ගනන් පුරෝලා
ඔලුගෙඩිය උඩට පාත් වෙද්දී
මං රාජකීය තොටිල්ලක
සීරුවට නැලැවුනා
ආදරේ ගෝනි ගනන් පුරෝලා
ඔලුගෙඩිය උඩට පාත් වෙද්දී
මං රාජකීය තොටිල්ලක
සීරුවට නැලැවුනා
රජ පැටියා කුමාරිකාවක් වෙලා
කුමාරයෙක් මුලිච්චි උනු දා
සත්තකයි මං උන්නේ
හෙට අනිද්දා බිසවක් වෙන්න යන
සංතෝසේ එලිපත්තේ
කුමාරයෙක් මුලිච්චි උනු දා
සත්තකයි මං උන්නේ
හෙට අනිද්දා බිසවක් වෙන්න යන
සංතෝසේ එලිපත්තේ
ඒත් හාවක් හූවක් නැතුවම
මගේ ලෝකෙට කඩා පාත් වෙච්චි
කුමාරයාගේ මව් බිසව
හාංකවිසියක්වත් නොදන්න මගෙන්
මගේ රාජකීය ලේ උරුමෙට
පත්තිරු ඉල්ලද්දී මගේම උප්පැන්නේ
සාක්කි කිවුවෙත් තනිකරම මගේ හරහට
මගේ ලෝකෙට කඩා පාත් වෙච්චි
කුමාරයාගේ මව් බිසව
හාංකවිසියක්වත් නොදන්න මගෙන්
මගේ රාජකීය ලේ උරුමෙට
පත්තිරු ඉල්ලද්දී මගේම උප්පැන්නේ
සාක්කි කිවුවෙත් තනිකරම මගේ හරහට
පද්දොන්ට හිර දෙන්න බෑ කියලා
උඹලැයේ අම්මා මගේ පපුවට බෝර දාද්දී
කුඩුවෙච්චි හෘදයවස්තුවේ කෑලි
පපුව ඇතුලේම මං වල දැම්මේ ශතවර්ෂ කාලක් තිස්සේ
ගඩොලෙන් ගඩොල එක්කහු කරලා අප්පච්චි බැඳපු මාලිගාවේ
රජ පැටියව මරලා දාන්න බැරි හන්දා මිසක
උඹට ආදරේ නැති හන්දා නම් නෙවෙයි...
උඹලැයේ අම්මා මගේ පපුවට බෝර දාද්දී
කුඩුවෙච්චි හෘදයවස්තුවේ කෑලි
පපුව ඇතුලේම මං වල දැම්මේ ශතවර්ෂ කාලක් තිස්සේ
ගඩොලෙන් ගඩොල එක්කහු කරලා අප්පච්චි බැඳපු මාලිගාවේ
රජ පැටියව මරලා දාන්න බැරි හන්දා මිසක
උඹට ආදරේ නැති හන්දා නම් නෙවෙයි...
No comments:
Post a Comment