
ගිනි පෙළෙල්ලක් ඇවිත්
බැට දුන්නු දා හිතට
මං උන්නෙ බිය වෙන්න
පොඩි කණා මැදිරින්ට
අනේ හරි පුදුමයක්
බය නැලු මගෙ හිතට
මෙන්න කියනවා යළිත්
ඕනෑලු ළං වෙන්න
තවත් ගිණි පෙල්ලකට
ගිණි පුපුරු ඉහිරවන
ගිණි පෙල්ළ ළං කරන්
කිටි කිටියෙ ගුලි වෙලා
ඕනැලු විඳගන්න
ඇට මිදුලු දිය කරන
ගිණි සිසිලෙ අමා සුව
එකත් එකටම මමත්
සලබ කුලේ වෙන්න ඇති
ඒ නිසයි දඟලන්නේ
දැවෙන බව දැන දැනත්
ළං වෙන්න ගින්දරට
හ්ම් ...... නරකම නෑ සළබ කුලේ නොවුනත් මනුස්සය කියන්න ඔය ගති තියන සතාටම තමා මම හිතන්නෙ යාළු
ReplyDeleteඒක හරි..... සලබයෝත් එක්ක මොකක් හරි නෑ කමකුත් ඇති මයෙ හිතේ....
Deleteයම් එක ඉන්ද්‍රියක් පිනවන්න මුළු ජීවිතේම විනාස කර ගන්නව වගේ කතාවක නේද ?
ReplyDeleteඔව් එහෙම එකක් තමයි..අපි දැනම දැනම එහෙම කරන අවස්තාවන් කොච්චරනම් තියනවද... මිනිස්සු අතින් වැරදි අතපසුවින් ගොඩක් වෙන්නෙ නොදැනම නෙවෙයි දැන දැනම
Deleteගින්දර කියලා දන්නවනම් ලං වෙන්න එපා
ReplyDeleteගින්දර එළියට ගිණිකන වැටිලද කොහෙද.. ළන් වෙන්නමයි හිත
ReplyDeleteහැඟීම්.. මගේ නම් තියරිය තියෙන්නේ ඒක කොහේටහරි ගලාගෙන යන්න ඕනි. හිරවෙන්න දෙන්න හොඳ නෑ. අපි කල්චර් එකක් අස්සේ හිරවෙලා ඔක්කොම හිරකරගෙන පිස්සෝ වෙනවා. ඕක තමා යථාර්තය. අන්තිමට කොහෙන් හරි කවුරුහරි විඳවනවා.
ReplyDeleteහ්ම් ... ඔව් ඒවා කොහාටහරි ගලාගෙන යාවි.. හැබැයි එවා ගලාගෙන යන හින්දම ඉවක් බවක් නැතුව ඔහෙ ගලන් යන්න අතැරියම කාටහරි රිදෙන්න විදවන්න සිද්ධ වෙනවා වෙන්න බැරිද?
Deleteමං මේක දැක්කෙ නෑනෙ අචිනි :O මගෙ රිඩරේ අප්ඩේට් උනේ නෑ මේක..
ReplyDeleteරීඩරේ මාත් එක්ක වලිද කොහෙද? මට වෙනසකම් කොරන්නෙ
ReplyDeleteගින්දරට ලං වෙන්න
ReplyDeleteතව තවත් පිච්චෙන්න
ගිනිකනට ලං වෙන්න
අඩ ගහයි ගිනි පුපුරු
වෙලාගෙන ගිනිදැලෙන්
තටු දවා බිම හොවන්
උන් දුවයි ගිනි නිවන්
අනේ පව් සලබයන්
තටු දැවුණු සලබයන්
දකියි තව ගිනි ගොඩක්
යලි යලිත් දැවී දැවෙන්
උන්ට නැහැ ගැලවුමක්