Saturday, June 14, 2014

අවසාන නැවතුම තවුතිසාවයි...මල් වඩම් අනවශ්‍යයි...

carpe diem baby ♔ | via Tumblr
ඒක පාර්ශවිකව හට ගෙන
ද්වී පාර්ශවිකව පැතිරී ගොස්
කෙලවර සොයන මේනියාවක
අවසානයද  තීරණය කර ඇති බව 
කරුණාවන් සලකන්න
මල් වඩම් අනවශ්‍යයි...
පිරුවට අතුරා වියන් බැඳ 
දිගහල මල් පාවඩ දිගේ
සීරුවට පය තබනු..
වංගු සහිත මාවත 
අනතුරු සහිතයි
අවසාන නැවතුම තවුතිසාවයි
සියලුම මගීන් ගමනාන්තය තෙක්
ඉවසීමෙන් රැඳී සිටින්න...


9 comments:

  1. Replies
    1. ඔයාට දැනුනේ කොමද ?

      Delete
  2. කමෙන්ට් අනවශ්‍යයි...

    ReplyDelete
  3. අමුතුයි! O.o
    ලස්සනයි :)

    ReplyDelete
  4. අවසාන නැවතුම තව්තිසාවයි!!!

    ReplyDelete
  5. අපාය වෙන්න බැරිද?

    ReplyDelete
  6. සුදු පිරුවට ඇඳගෙන

    සුදු අරලියා මල් පොකුරකුත් අරන්

    මමත් ආවා මලගමට

    සමාවෙන්න නංඟි

    මල් වඩම් එපා කියලා දැක්කේ ආවට පස්සේ...

    ඒත් ඒ නිසාම

    මැරුනේ ඇයි කියලා අහන්නේ නැතිවම

    මම ආපහු ආ පයින්ම යනවා..

    යද්දි තමා හිතුනේ

    උඹ හරි

    මැරුන එකා මැරුනා

    තාම

    ජීවත් වෙන උඹට මල් වඩම් මොකටද?

    යන්නේ තව්තිසාවට නම්

    ඒත් පරිස්සමින්

    වඩම් ගහන්න ගොඩක් මල් ගේන්නේ

    එහෙන්

    ReplyDelete