Saturday, August 2, 2014

අවලම් හිත....


පරිමිතයට ඔබ්බෙන් පදිංචි
නිදහසක කූඩු කල සිතුවිලි
හිස්කබලේ හිස් තැන් 
අස්සට අඩුක් කරගෙන
අයාලේ සැරිසරනවා
නිදහස් මාෆියාවක
තැග් ගැහෙන්න පෙරුම් පුරාගෙන...

දෙගිඩියා පොට්ටනිය
ඉද හිට එලි බහින්න වලි කද්දී
තව තවත් ගැටය හිර කර කර
පොදි ගසා ඔබනවා
වල්මත් හිතුවිලි අහිනක
නොපෙනෙනු පිණිස වරක්වත්
හිත  ගැටෙන මානෙකට...

අවලම් හිත
හීන ඉද්දර නන්නත්තාර වෙද්දී
පස්වනක් ප්‍රීතියෙන් ඉපිළ
ගිණිමැලේ වටේටම නටනවා කරකැවී
රවුමට රවුමට , රවුමට රවුමට
අනේ නිලංකාරයි තාමත්
ගිණිකණ වැටුනු ඇස්ගෙඩි ජෝඩුවම....

3 comments:

  1. අවලම් වුනත් හිත හිතමනේ ඉතින්..

    ReplyDelete
  2. හීනෙ අවලම් වුනත් නිසදැස ලස්සනයි.

    ReplyDelete