මං දුන්නු ආදරේට
කණ් දෙකත් පලාගෙන
ඇස් දොට්ට පැනලා
හන්දිපත් පණ නැතුව
අංශ භාගේ වගේලු
අනේ මගේ කොල්ලට
අන්න දැන් හොදටම පිස්සුලු
සිහියක් කටක් නැලු
බලපු හැම මුල්ලේම
පේන්නෙම මාවලු
ලෙංගතු වැඩි කමට
අනුපානෙට දිය කරලා
මං පොවපු ආදරේ
සැර වැඩි උනාද මන්දා
බයත් හිතෙනවා දැං
කැරකිල්ල වගේ මටත්
පිස්සුද මන්දා ලාවට..
නුඹය
නුඹමය
හිතේ
සිවු කොණ
නෑ ඉඩක් වෙන
සුසුම් පොදකට
කෙලෙස යම්
පිටු පාල හිතකට
වාරු නෑ මගෙ
හිත මටම අද
ඇලවිලා මම
නුඹෙ හිතටම
හිතක් නෑ යලී
යන්න නුඹ හැර
කීවා නාහන
අකීකරු හිත
බිදීලා ගියෝතින්
බෑ අඩන්නට
එන්නෙ නෑ මම
තවත් පාරක්
කදුලු පිහිදාලා
උඹව නළවන්න....
ඇසි පියන් යට මිදී
විටෙක හසරැල් නගන
යලිදු ඒ නෙත් අගින්
කදුළු වැහි වස්සවන
ලෝකයක් තරම් වූ
සොම්නසක් තිලිණ කර
එ සතුට හංගාන
යළි කදුළු රැගෙන එන
නෙතු අගට එළි නොවෙන
හීන දී බොද කරන
ප්‍රේමය ඉදින් නුඹ
අරුමයක් නොවන්නෙද?
ළැමද පුරවලු
ඇබින්දක පණනළ
නාස්පුඩු අද්දරින්
ගිලිහුන සද දුරකට
කෙලෙස ගෙනයම්
ඇබින්දක සුසුමක්
නොලැබ ජිවිතයම
නොපෙනෙන ඈත ඉමකට