Friday, November 8, 2013

නියතය

හඬමි
හිනැහෙමි
වෙළෙමි
දැවටෙමි
නුඹේ උරමත
සුසුම් බර දෙමි
නුඹේ පපුතුර
නිවී සැනහී
යළි උපන්නෙමි
නුඹ නිසාවෙන්
නුඹ මගේමය
මා නුඹේමය
ගැහෙන හද
නවතින තුරාවට
අපි අපේමය
මතින් මතුවද
නියතයකි එය
නොම වෙනස් වන 

3 comments:

  1. ඔව් පෙට්ටිය දාන වල දක්වා පමණක්.. එතැනින් එහාට ගමනක් නැත...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්මම්ම්ම....ලත්තනයි

    ReplyDelete