Monday, June 30, 2014

කෝ මම ...........



මේ මමමද
 නෑ මම නෙවෙයි
තාමත් හොයනවා මම
විකෘති වෙලා වගේ
දැනෙන්නේ නෑ මම බව


මේ මමමද
 
නෑ මම නෙවෙයි

අතරමං වෙලාද
 
මග හැරුනේ කොතැනද

තාමත් හොයනවා මම



මටම වහං වී ගිය

ආගන්තුක ඒ මම 

අදුනගන්න බෑ තව
 
මට තාමත් හරියට



වැරදුනේ කොතැනද

වැරදි කලේ කවුරුද 

අතුරුදන් වෙලා මම
 
      මට මාවම අහිමිද .......

1 comment:

  1. නැ ඔබ ඔබම තමයි.......
    එක්තරා තැනකදී ඔබ ඔබ තවත් අත්වැලක් අබියස ඔබ නොවන තැනට පත්වුණා.
    වරද එතැනයි.
    මට මාව අහිමි කළේ කවුරුද? මාම නොවෙද? අනෙකකුට ඇගිලි දිගු කොට වැඩක් නැත
    කුමණ වාරු ලැබුණද විය යත්තතේ යුත්තේ ඔබ ඔබම වීමයි....
    මං වැරදිද ඔබ හරිද?
    ජීවිතය ගැන ලොකු කතිකාවක් මේ කව තුළ තිබේ......

    ReplyDelete