Thursday, July 24, 2014

එකමත් එක අපි



එක මත 
එක මතයක් ලගට ගෙන්න
එක එක කට්ටිය
එක තැනකට ඇවිත්
එකමත් එක කාලයක්
එකම එකසැරයක් වත් නො එන්න
එකමත් එක දවසක
එක හෙවනක් යටට එක්කාසු වෙද්දි
ඒ එකමත් එක කතාව අහන්න
බලන්න විදින්න විදවන්න
එකමත් එක රටක
එකමත් එක ලෝක ගොඩක ඉන්න
එක එක මිනිස්සු 
එකතු වෙද්දි
අර එකමත් එක මත තියන
එක එක කට්ටියට
එකට කියවාපු
එක මතයක්වත් අහගන්න බැරි තරමට හතිලු
ඒ එක මතය 
එකමත් එක ලොකෙට කියන්න
එක දිගට හැල්මෙ දුවන අහු අස්සේ
එක එක කට්ටිය එක එක තන් වල අටවාපු
එක එක මත එක සැරක්වත්
එක කනකට හරි වැටූනෙ ලාවටලු
ඒත් ඒ එක එක කට්ටියගෙ
එක එක මත
එක මතයක් ලගට ගේද්දී
එකමත් එක රටක මිනිස්සු 
එකම අහසක් යට 
ආදරයෙන් ඇවිලුනාලු
එක එක අය එක එක ඒවා කීවට 
ඒක හරි ලස්සන 
එකමත් එක දවසක් වෙලා  ගෙවිලා ඉවරලු ........

2 comments:

  1. ඒකමත් එක දවසක එකෙක් ඒක කියවන්න ඇවිත්
    ඌට හිතුණ ඒක එක ඒවා නොදා..

    සුබපතලා යන්න ගියාලු..

    ලස්සන පද ගැලපුමක්.. ,නන්දා මාලිනීයගේ නාන්න නම් නාන්න නෝනා මතක් වුණා..

    ReplyDelete