Wednesday, July 16, 2014

හකුර

තිබ්බ හකුර වක්කඩේ දිය උනාට
රකින්න හකුරක් ලග නැතුවට
සීනි මුරුක්කුවක්වත් තිබ්බා නම්
තිත්ත හිතේ අපුල අරින්න 
ඒත් මක් කොරන්නද
හකුරු රහ වැටුණු හිතට
සීනි මුරුක්කු එපාලුනේ 
අනේ උගේ ගනකම
උඹට  හකුරම ඕනිනම් 
දැන් ඉතින් උඩ බලන් 
මලක් පීදෙනකම් 
ලැගපන් කිතුල පාමුල 
අනේ අම්මප උඹෙත්  
ඇට්ටර කමක තරම
බෙල්ල කැඩෙනකන් බලන් ඉදලත්
ඇති වෙලා නෑනේ බොට 



6 comments:

  1. පැණි අරන් කිරපන් බොල සීනී..

    ReplyDelete
  2. ගිය හකුරට නාඬන්නේ තව හකුරක් රැකගන්නේ...

    ReplyDelete
    Replies
    1. හකුරු එපා දියවැඩියාව

      Delete
  3. කල් කදුරු තිත්ත කරවිල
    ඊටත් වඩා තිත්තයි නේද ඔය දුක
    තේරුනා හිනා නොවීම උඹ
    සීනි මුරුක්කු, හකුරු ගැන කියනකොට...

    නෙතු නොපියනා රෑක සිහිනෙන්
    හිත ලඟ ආදරේ සුවඳ ගෑ
    පෙම්බර සෙනෙහස
    මහමෙරක් පැතුම් බිමදාල ගියාට

    ලඟ ඉඳන් දුන්න ආදරේ නාමයෙන්
    එකම එක වචනෙකින්වත්
    පුංචි හරි දොසක් නොකියා
    උඹේ හිතටම බැණගන්න අරුමය...

    ReplyDelete