Thursday, January 14, 2016

රිද්දනේ නෑ ඇබිඳක්වත් විස්වාස නැද්ද උඹට මාව...



ඇස් කන් ඇලවුණු
ගෝනි බිල්ලන්ට
වගේ වගක් නැතිවම
ලිප්ටන් වට රවුමේ පෝලිමට
අවුරුදු ගණන් බෑගිරි දුන්නු 
අසම්පූර්ණ විප්ලවය..
පොට්ටනි ගහලා දෝතින්
බාර කලේ අනාගතයට
එක හිතින් නොවුනාට
අවුරුදු ගානටම මගෑරුණු
හිඟ පත්තර පුරවන්නේ කෝම
උත්තරීතර විප්ලවයේ බර
මොළ ගෙඩිය උඩ පටවාන..
උපාධිය අරගෙන හනිකට
ගෝනි බිල්ලෙක් නොවුනොත් මම
මෑත පේන ආලකමන්දාවට 
ඉඳ හිට හරි රිංගන්ට
අහලකින් හරි පැලක් අටෝගන්ට
වරම් ගන්නේ කොහොමද..
ඉතිං සමාවෙයන් මට
ඉකි ගහන හෘද සාක්කිය
සිඳලන්න අවසරයි ඔය බොටුව
එක කඩු පාරෙන් වෙන් වෙන්න
සක්කියක් නොතියාම
ඉතිං නඬා ඉදින් ඔතනම
රිද්දනේ නෑ ඇබිඳක්වත්
විස්වාස නැද්ද උඹට මාව...

3 comments:

  1. කලින් වෙන මොකක් හරි නමක් තිබුනා නේද??

    ඔයා දන්නවද අචිනි ඔය විප්ලව පෙරහරේ ඉස්සරහම යන අය තමා උඹලගේ බෙල්ල කපන්නේ පස්සකොලේක

    ReplyDelete
  2. ඔව් පිලිගන්නවා එකෙන්ම.. විප්ලවේ අතින් අතට යනවා වගේම විප්ලවකාරයෝ අතරින් යල්පනිනන ඈයෝ ගෝනිබිල්ලන්ගේ පුටු වලට ඇලවෙනවා...

    ReplyDelete
  3. විප්ලව හුඟක්ම ගෝනිබිල්ලන්ගෙන් පිරිලා දැන්නම්.

    ReplyDelete