Tuesday, June 24, 2014

එන්නේ නෑ ආයේ මම

ගහෙන් වැටුනෙත් මම
ගොනා ඇන්නෙත්  මට
මගේම උන් වටකරගෙන
ආපහු තැලුවෙත්  මට
අනේ ළගපාතකඋඹ
උන්නා නම් හිතුනා මට 
එහෙනම් ඉඩක් නොතියාවී
වටකරගෙන මට තලන්න
තොල් දෙපොට හපාගෙන
ඇස් රිදෙනකන් ඇඩුවා මම
දැන් නම් හොදටම වැඩි
රතු කට්ටට ඔන්න මෙන්න
හිතුනොත් අම්මපා මම
ලට්ට පට්ට අකුලාගෙන
සකලමනාවම ඔතාන
යනවා හිස් කට්ට 
හැරිච්ච දිහාවක
අමනාප වෙලා නේන්නම
ඔන්න අඩගහන්න එන්න එපා
එන්නේ නෑ ආයේ මම ...



10 comments:

  1. චිත්තරූප මැවෙනසුළුයි
    පින්තූරෙ ටිකක් ලොකු වැඩී :P
    අපූරුයි! :)

    ReplyDelete
  2. "ඔන්න අඩගහන්න එන්න එපා
    එන්නේ නෑ ආයේ මම"

    අත අතනාරින්න කියල නේද මේ කියන්නේ...
    හැමදාම වගේ අදත්, හරිම සුන්දරයි මේ කවිකම..

    ReplyDelete
  3. කවි සිත්තම මනරම්...
    අදහස නම් දුක්ඛිතයි....

    ReplyDelete
  4. යන්ට යන අගනන්
    අල්ලා ගෙනැත් සලකන්
    මොටද වෙන්නේ ලැතැවුල්
    දාගෙන සැපින්නක් ගෙයි මං

    ReplyDelete
    Replies
    1. දේශකතුමා මේ නෝනටද සැපින්න කිව්වේ??

      Delete
  5. කියවං යද්දි එක එක දේවල් මැවුනා.ලියපු දේ ගැන ඉගියක්වත් තිබ්බනං හොදයි කියලා හිතුනා...

    ReplyDelete
  6. නියමා....................යි

    ReplyDelete
  7. ගහෙන් වැටෙද්දි
    එල්ලුනේ ගොනාගෙ නම්
    ඇන්නට පස්සේ තැලුවෙත් හරක් නම්
    ආයේ අඬ ගැහුවට අපායට යන සිරිතක් තියෙනවද?

    ReplyDelete
  8. අපුරුයි.. සිතුවම් මැවෙන සුළු හිත පතුලටම වැදුණු පද පෙළක්..

    ReplyDelete