Thursday, November 7, 2013

මට මමම වෙන්න ඉඩ හරින්න


මගේ නෙතින් ලොව දකින්න
මගේ හිතින් මට හිතන්න
මගෙ මුවින් මට දොඩන්න
මට මමම වෙන්න ඉඩ හරින්න

මගේ සිහින මට දකින්න
මගේ පැතුම් මට පතන්න
මගෙ හිතුවිලි අකුරු කරන්
කැමති තැනක දිග හරින්න

කඳුල සුසුම සොම්නස දුක
මගේ පිළිවෙලට විඳින්න
අහිතක් නොහිතා මං ගැන
මට මමම වෙන්න ඉඩ හරින්න

මගේ ලෝකෙන් මා මුදන්න
ඉදහිට එබිකම් කලාම
මහ ගොඩකට ටිකක් වැඩිය
මට රිදෙනවා දන්නවාද?





8 comments:

  1. මඳ සුළඟට කතා කරන
    මගෙ අරුමැසි මිටියාවත
    පිපුණු සිහින මල් දෝතක්
    පුදන්න සමනළ කන්දට..

    මගේ නෙතින් වැටෙන කඳුළු
    මගේ හසරැළි සයුර උඩට
    සුදු පෙණ නංවයි නැව් මත
    සුසුම් රුවල් සමබර කර

    මේ අහසට වඩා සොඳුරු
    තව අහසක් වෙද කියන්න.
    මගේ පැතුම තුරුළුට ගෙන
    මගේ නිවන මට දකින්න.

    ReplyDelete
  2. මගේ නෙතින් ලොව දකින්න
    මගේ හිතින් මට හිතන්න
    මගෙ මුවින් මට දොඩන්න
    මට මමම වෙන්න ඉඩ හරින්න

    ReplyDelete
  3. ලස්සනයි බුබු :)

    ReplyDelete
  4. මගේ නොවන මගේම හීනයක් තිබුනා කියල විතරක් පස්සේ කියන්න එපා.. හැක්

    ReplyDelete
  5. සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම...
    සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...

    ReplyDelete
  6. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න .....

    ReplyDelete
  7. මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    ReplyDelete
  8. ඉස්තුති කොමෙන්ටු සියල්ලටම ...

    ReplyDelete