Monday, September 9, 2013

ප්‍රේමය ඉදින් නුඹ



ඇසි පියන් යට මිදී
විටෙක හසරැල් නගන
යලිදු ඒ නෙත් අගින්
කදුළු වැහි වස්සවන 
ලෝකයක් තරම් වූ
සොම්නසක් තිලිණ කර
එ සතුට හංගාන
යළි කදුළු රැගෙන එන
නෙතු අගට එළි නොවෙන
හීන දී බොද කරන
ප්‍රේමය ඉදින් නුඹ 
අරුමයක් නොවන්නෙද?

6 comments:

  1. වින්දනය විඳීම කියන එකේ තියෙනවා නියම සෞන්දර්යයක්. ඒ අතින් ගත්තාම ප්‍රේමය කියන එකේ ඔය හැබ එකම විඳින්න පුළුවන්. සතුට දුක ත්‍රාසය භීතිය කුතුහලය.. ඔය ඔක්කොම..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.ඔව් ඔක්කොම...

      Delete
  2. හම්මෝ ප්‍රේමතෝ ජායතී සෝකෝ

    ReplyDelete
  3. සැබවි!
    අරුමයකි!
    තේරුම් ගත නොහෙන
    අපූර්ව
    අභෞතික
    පාටක් නැති
    පාට කැවූ
    සොඳුරු
    අරුමයකි.

    -කරූ

    ReplyDelete
  4. අයි හේට් ලව් ස්ටෝරීස්.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අයි හේට් ලව් ස්ටෝරීස්.. ;)

    ReplyDelete