Thursday, July 25, 2013

යන්න බෑලු හිතට

 


එන්න කියනවා මට

ඒත් යන්න බෑලු හිතට
පා සුළැඟිලි කොණක්වත්
මනාපේ දෙන්නේ නෑ
එහේ ගිහින් නවතින්න
එහේලු ජීවිතය
පවුල ගෙදර හැමදේම
ඒත් නොදැනේ එහෙම
ඇයිද දන්නෑනේ මම
මේ ගෙන්දගම් පොළවට
ගිණිකණ වැටිලානේ මම
සැප නැතත් දැනෙනවා
මෙහේදි හුස්ම වැටෙන වග
හොයලා හොයලා අමාරුවෙන්
අල්ලගත්තු ජීවිතය
දමලා එන්නලු මට
ඒත් යන්නේ කෝම මම
ඇබින්දක් තරම්වත්
හිත කීකරු නෑනේ මට......




1 comment:

  1. හිත කීකරු නෑ කිව්වා භාවනා කරලා බලපන් අක්කේ. හැක හැක හැක :D

    ReplyDelete