Sunday, July 7, 2013

හිස්කම



දිගන්තේම නිදි බරයි

වළාකුළු නෙතු හඬයි

ගණදුරත් හිස්කමත්

එකා පරයා නැගෙයි

දකින්නට සිහින නැත

යන්ට අරමුණක් නැත

සසල හිත පමණක්ම

ඉකි ගසයි ඉඳ හිටක

පත් ඉරු පිරෙන්නට

උන්නු සංකල්පනා

පාළු වූ හිත් පතුලේ

අන්තෙටම සිඳී ඇත

තනිකම ඉඳ හිටක

සිත් කවුළුවෙන් එබී

සුසුම් වැල් හා එක්ව

ගී ගයයි ගණදුරට

පියස්ස හැඩ කරන

දැකුළුමල් රටා තුළ

ගිලී නිදනා දෙනෙත්

අවදිවන ලකුණු නැත

නො එන සංකල්පනා

එනතුරු මඟ බලන්

පත් ඉරුව පමණක්ම

නෙතු අයන් ඇත තාම....

5 comments:

  1. වැල් වටාරං කියා
    මොනවාද කියන්නේ මේ
    හිතන්න දෙයක් ඇත..
    නොහිතෙන දෙයකුත් ඇත.
    මේ ඔබද මේ මමද
    මොක උනත් ඔබට ජය

    ReplyDelete
    Replies
    1. වැල් වටාරම් දෙඩුවේ
      මං නොවේ මගේ හිත
      ඔහේ වල් මත් වෙලා
      දුර ඈත අනන්තෙක
      දෙගිඩියාවෙන් වෙලී
      පැබඳූ පද එකින් එක
      නුඹට වාගෙම මටත්
      වැටහෙන්නේ නෑ සබඳ
      කුමක් වූවත් කිම්ද
      නුඹම මට කියූ ලෙස
      පතන්නෙමි ඉත සිතින්
      නුඹ හටද ජයෙන් ජය

      Delete
  2. ගොඩක් හිතන්න ඒවා ඉතුරු වෙනවා මේ පොස්ට් කියෝනකොට .

    ReplyDelete
    Replies
    1. හිතලා බලලා මටත් කියන්නකෝ මල්ලියෝ හිතුනේ මොනාද කියලා...

      Delete
    2. මමත් හිතලා බලලා කියන්නම් ඈ ;) පස්ට පස්ට :D

      Delete