Thursday, July 25, 2013

වැස්ස




වැස්ස නුඹ
ඇද හැලෙන්
ගිණි ගහන 
දෙරණ පිස
ශේෂ නොකරන්
දූලි පොදක්වත්
දියකර දමාපන්
වැහි පොදෙන්
කුණුවෙමින් පැහවන
ගඳගහන මතකයන්
නිවී යාවී
ඒ සිහිලෙන්
ඇවිලෙන සන්තානයම
හැමදාටම නැතත්
තව ටික දිනක් හරි.......

2 comments:

  1. මේ වහින වැස්ස හැටියට පස් පොදක් ඉතුරු වෙන එකක් නැ.. හොද පැදි පෙලක්..

    ReplyDelete
  2. වැස්ස නුඹමද??
    විටෙක
    හදවත සිහිලෙන්
    තෙමා ....
    තව වරක
    නෙතු කඳුළු
    දෝර ගලන තෙක්
    මා හඬවන...

    ReplyDelete