Friday, July 5, 2013

අවසග මගේ හිත




පැතු ලෙසින් හිමි දිනූ
කින්නරාවියද මම
පහන් සිලට පෙමි බැදි
සලබයෙක් ද
දෑල නෙතු වෙහෙසවන
මිරිගුවද නුඹ
පිපාසිත තොල් තෙමන
දිය පොදද
තුන් සිතම අවුළුවා
දසත නලියන
හිතුවිලි කන්ද මැද
ප්‍රේමය , වියෝගය
නුඹ ,මා අතර සරන
අවසග මගේ හිත..............

9 comments:

  1. හා හා පුරා කියලා ඔන්න මම කමෙන්ට් කලා... දුර.....ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුබුළු..
    කවිය ගැනත් කියන්න එපැයි නේද.. ම්.. ලස්සනයි.. !

    ReplyDelete
  2. හරිම ලස්සනයි බුලු බුලු අක්කෙ

    ReplyDelete
  3. ලස්සනයි බුබුළුවෝ..... මමත් ඔන්න සුබ පතනවා දුර ගමනක් යන්න ලැබෙන්න කියල..... :)

    ReplyDelete
  4. බොහොත් බොහොත් ඉස්තූත්යි කිව්වා ඔන්න හැමෝටම ....

    ReplyDelete
  5. මගේ උණුසුම් සුබ පැතුම් ....!!!!!

    ReplyDelete
  6. සුබ පැතුමට ඉස්ස්තූති වේවා රොබින් සහෝ...

    ReplyDelete
  7. හනේ හප්පේ බුබුළුවෝ කවිය නම් තේරුන් නෑ ඇත්තටම, කවියෙයි පිංතුර වලයි සමනල්ලු ඉන්නේ මේක සමනල්ලු ගැන වෙන්න ඇති නේ. අපෙත් හොට් සුබපැතුම් දිගට ලියන්න

    ReplyDelete
  8. දිගටම ලියාආගෙන යන්න.. කවිය නං අපි දැක්ක කලින් ..! ලස්සනට ලියල තියනව කියල කියන්න ඕනේ නැහැ නේ

    ReplyDelete
  9. කවිය නම් ලස්සනයි

    ReplyDelete